බිඳවැටුණු ව්‍යාපාර යළි ඇරඹීමට ණය පහසුකම් අවශ්‍ය ව්‍යසායකයින්ට සහ කර්මාන්තකරුවන්ට ඒ සඳහා තොරතුරු කර්මාන්ත

අමාත්‍යාංශයට ලබාදීමට තිබූ කාලසීමාව දීර්ඝ කොට ඇත.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනය ඇති වවසායකයින්ට සහ  කර්මාන්තකරුවන්ට තමන්ගේ තොරතුරු ජුනි 30 දක්වා කර්මාන්ත අමාත්‍යාංශයට ලබාදීමට ඉඩකඩ සලසා දී තිබිණි.

 එලෙස ලබාදී තිබූ කාලසීමාව කර්මාන්ත හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ ගේ උපදෙස්  දීර්ඝ කළ බව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ ප්‍රකාශ කළේය.

මෙලෙස ලබාගන්නා තොරතුරු පදනම් කරගෙන ඉදිරියේදී මූල්‍ය පහසුකම අවශ්‍ය සියලු දෙනාට සහන සැපයීමට විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද  ලේකම්වරයා කිය.


කොවිඩ් 19, ආර්ථික අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් නිසා බිඳ වැටුණු ව්‍යාපාර, කර්මාන්ත සම්බන්ධයෙන් මෙ මස 30 දා දක්වා තොරතුරු කර්මාන්ත අමාත්‍යාංශය විසින් ලබා ගැනීමට කටයුතු යොදා තිබිණි.


ඒ අනුව 600 ක පමණ පිරිසකගේ තොරතුරු ලැබී ඇතැයි ලේකම්වරයා පැවසීය.

වැඩිම තොරතුරු ප්‍රමාණයක් ලැබී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේනි.

 මෙලෙස ලැබුණු තොරතුරු පදනම් කරගෙන ඉදිරියේදී කාරක ප්‍රාග්ධනය සැපයීමට බැංකුවලට අවශ්‍ය තොරතුරු දීමට අමාත්‍යංශයේ කටයුතු කරන බවද ඔහු කීය.

තම අමාත්‍යංශයට ලැබුණ තොරතුරු ඉදිරියේදී බැංකුවලට ලබාදී සහන අවශ්‍ය අයට මූල්‍ය  පහසුකම් ලබාදීමට සහය වීම අමාත්‍යංශයේ අරමුණයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මුදල් ඇමැතිවරයා ද වේ . ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ ණය ක්‍රම ක්‍රියාත්මක කරයි.

ඒ සම්බන්ධයෙන් වූ සාර්ථක සාකච්ඡාවට වට ගනනාවක් දැනටවත් පවත්වා තිබේ.

බිඳ වැටුණු ව්‍යාපාර යලි නැංවීමට මෙලෙස වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයට ස්තූතිවන්ත බව ceylon federation of  MSME සභාපතිනි සෂිකා ද සිල්වා කිවාය.

ව්‍යවසායකයින්ට සහ කර්මාන්තකරුවන්ට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඇය ඉල්ලීමක් කළාය.

(ජේ. මුණසිංහ)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image