තවත් දින සියයකින් පමන රටට නව නායකයෙක් සහ නව ආණ්ඩුවක් පත්වෙන බවත් වෙනත් වචනයකින් එය සුබ ආරංචිය බවත් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු පවසයි.


වත්මන් ආණ්ඩුව නියත වශයෙන්ම තව මාස තුනකින් ගෙදර යෑම වැළැක්විය නොහැකි බවයි නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අවධාරණය කරන්නේ.

“ආණ්ඩුවේ නායකයන් ඊයේ රාත්‍රියේ බන්කොලොත් බවින් රට මිදුණු බව ප්‍රකාශ කරමින් රතිඤ්ඤා පත්තු කරමින්  සතුටු වෙන ආකාරය අපි ඔක්කොම දැක්කා.  බංකොලොත්භාවයෙන් මිදුනු බව ඔප්පු කිරීමට නම් ඇත්තටම කළ යුතුව තිබුණේ  බංකොලොත් නිසා මුදල් නැතුව අත්හිට වූ පළාත් පාලන මැතිවරණය නැවත පැවැත්වීමයි. බංකොලොත් වීම නිසා 8% දක්වා අඩු කළ, මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත ස්ථාවර තැන්පතු සඳහා ගෙවූ 15% පොලිය නැවත ලබාදීමයි.  බංකොලොත් වීම නිසා අත්හිටවූ   ගුරු වැටුප් විෂමතාවය නැවත ලබාදීමයි. බංකොලොත් වීම නිසා ගෙවීමට නොහැකි බව පැවසූ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ සොච්චං වැටුප් වැඩිවීම නැවත ලබාදී දරුවන්ට විශ්ව විද්‍යාල විවෘත කිරීමයි.  එහෙම නැතුව, සිරිකොත මන්දිරයේ දී  කිරිබත් කා රතිඤ්ඤා පත්තු කොට බංකොලොත් බාවයෙන් මිදෙන්න බෑ. “

ජනාධිපතිවරයා ජාතිය ඇමතීම හා ඒ වෙනුවෙන් දියත් කළ ප්‍රචාරණය මන්ත්‍රීවරයා හඳුන්වාදෙනු ලැබුවේ "කන්දක් විළි ලා මීයෙක් වැදුවා වගේ" යනුවෙනි.

“තවම මාස තුනකින් කියන්න වෙන්නේ "නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ" කියලා.” යි බවයි නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image