ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුල රෝහල්වල කොරොනා වෛරස තත්ත්වයන්

සදහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ දින (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ දී සිදු කෙරුනි.

එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මිය  (Dr. Razia Pendse) විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත භාර දෙන ලදි.   පරිත්‍යාග කරන ලද උපකරණ තොගය අතර HDU Beds, Multipara Monitors, Pulse Oximeter, Infusion Pumps, Syringe Pump, Suction Apparatus, ECG Machine, X-ray Portable, Defibrillator, Autoclave Table Top, High Flow Oxygen System විය.   මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Victoria Coakley මහත්මිය, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ජනප්‍රිය කරුණාතිලක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...