සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවත් සමග විවාදයකට ජාතික ජන බලවේගය සම්බන්ධ නොවන බවත් පක්ෂ නායකයන් අතර

පවත්වන විවාදයට ජුනි 06 දින ජාතික ජන බලවේගයට සහභාගි විය හැකි බවත් සමගි ජන බලවේගය දැනුවත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ දෙක අතර පවත්වන්නට යෝජනා වී ඇති විවාදය පිළිබඳව අප කළ විමසීමේදීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේග යේ නායක අනුර කුමාර දිසානායක සමග පවත්වන විවාදයෙන් පසුව අවශ්‍ය නම් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පක්ෂ දෙක අතර ආර්ථික කමිටු විවාදය සහ නායකයින් අතර විවාදය සඳහා දින නියම කර ගැනීම සඳහා මැයි 17 වන දින සමගි ජන බලවේග යේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජාතික ජන බලවේගයට ලිපියක් යොමු කොට තිබුණි. එම ලිපියේ සඳහන් වන්නේ පළමුව ආර්ථික කමිටු අතර විවාදය මැයි 27 සිට 31 දක්වා ඕනෑම දිනයකද, ඉන් පසුව ජුනි 03 සිට ජුනි 06 දක්වා ඕනෑම දිනයක පක්ෂ නායකයින් අතර විවාදය පැවැත්වීමට ජාතික ජන බලවේගයට යෝජනා කරන බවයි.

( anidda.lk- ඇන්තනී වෙරංග පුෂ්පික)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්