වර්තමාන නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය මේ වසරේ දෙසැම්බර් අවසානය දක්වා දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය ඉල්ලීම ජනාධිපති රනිල්

වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යවා ඇතැයි දැනගන්නට තිබේ.

නීතිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබෙන්නේ එළඹෙන ජුනි 27 වැනිදාය.

අගවිනිසුරු ජයන්ත වීරසූරිය විශ්‍රාම ලබන්නට නියමිතව ඇත්තේ මේ වසරේ දෙසැම්බර් මාසයේදීය.

නීතිපතිවරයා ඊට පෙර විශ්‍රාම ගියහොත්, ඔහු අගවිනිසුරු කරගැනීමට ජනාධිපතිවරයාට අවසර ලැබෙන්නේ නැත.

ඒ නිසා, නීතිපතිවරයාගේ ධුර කාලය මාස හයකින් දීර්ඝ කර අගවිනිසුරුවරයා විශ්‍රාම ගන්නා තෙක් නීතිපති ධුරයේ තබාගෙන. ඉන්පසු අගවිනිසුරු ධුරයට පත්කර ගැනීම ජනාධිපතිවරයාගේ සැලැසුම වී තිබෙන බවද දැනගන්නට තිබේ.

වර්තමාන නීතිපති සංජය රාජරත්නම්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජයට හිතැතිව කටයුතු කරන නීතිපතිවරයකු හැටියට නීති ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධය. වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ද නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස පත් වූවෙකි.

ඔහු නීතිපති ධුරයේ කටයුතු කරමින් සිටි අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවක අගමැති රනිල් වික්‍රමසිංහව එම ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂගේ අගමැතිත්වයෙන් යුතුව ආණ්ඩුවක් පිහිටවූ අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපතිවරයා ලෙස ජයන්ත ජයසූරිය ගේ ස්ථාවරය විය.

එහෙත් ඒ පිළිබඳ පැවති ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේදී එහි සත් පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ එම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ජුනි මාසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන දිනයක් සම්බන්ධයෙන් මැයි 23 වැනිදා වන විටත් එහි සාමාජිකයන්ට දැනුම් දීමක් සිදුකර තිබුනේ නැති අතර නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා දිගුව පිළිබඳ යෝජනාව කතානායකවරයාට ලැබී ඇතැයි වාර්තාවේ.

anidda.lk - අරුණ ජයවර්ධන)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්