රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්

සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පැවසීය

විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම බරපතළ ගැටලුවක් බවත් දෙපාර්තමේන්තුව දෙන නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

විගණන විමර්ශන පැවැත්වීම සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල කෝටි ගණනකැයි පැවසේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෑම රාජ්‍ය ආයතනයක්ම බැදී සිටින බවද රජයේ විගණකාධිපති වික්‍රමරත්න ප්‍රකාශ කළේය.

 කළමනාකරණය වෙනුවෙන් ගන්නා ලද තීන්දු තීරණ හෝ විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ඇතැම් ආයතන ක්‍රියාත්මක කරන්නේ නැහැ. එබැවින් විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් දෙන නිර්දේශ ක්‍රියාත්මක කරවීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ හා මුදල් පිළිබඳ කාරක සභාවේද වගකීමක්" යැයි  රජයේ විගණකාධිපතිවරයා සඳහන් කළේය.

 
මේ අතර විගණකාධිපතිවරයාගේ නිර්දේශ සමහර ආයතන ප්‍රධානීන් හෑල්ලුවට ලක් කරන ආකාරයක්ද දක්නට ලැබෙන බව  විගණකාධිපති  දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දෙති

lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්