කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ආයෝජන සමාගම වන චයිනා හාබර් ඉංජිනියරින් කම්පැණි පෝර්ට් සිටි කළම්බු ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ශ්‍රී

ලංකා රජය අතර වන ගිවිසුම සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

එකී සංශෝධනයේ ප්‍රධාන කරුණ වන්නේ එහි ඉදිකිරීම් සඳහා තවත් වසර දෙකක කාලයක් ලබාදීමයි. වත්මන් ගිවිසුම අනුව 2025.06.05 දින එහි ඉදිකිරීම් අවසන් කළ යුතු අතර ඒ සඳහා තවත් වසර දෙකක කාලයක් ලබාදීමට යෝජනා කර තිබේ.

ආයෝජන ප්‍රවර්ධන ඇමති වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව මැයි 22 පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ කොවිඩ් වසංගතය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එම සමාගම කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

(anidda.lk - ඉඳුවර බණ්ඩාර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්