ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ නායක ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි.


මහනුවර මහරෝහලේදී අද(26) ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අභාවප්‍රාප්තවන විට ඒ මහතා 67වැනි වියේ පසුවිය.

ආනන්ද පෙරේරා මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

දේහය අවසන් ගෞරවය සඳහා 10/3D, මංගලගම පාර, මොලදන්ඩ, කිරිබත්කුඹුර නිවසේ තැන්පත් කර තිබේ.

අවසන් කටයුතු සිදු කරන දිනය පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතය .

ආනන්ද පෙරේරා ලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙකි. ඔහු විශිෂ්ටයකු වන්නේ මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වාත්, වෙසෙසින් ඇමරිකානු හා අප්‍රිකානු ජනසංගීත විධීන් කෙරෙහිත් ශාස්ත්‍රීයමය අවධානය යොමු කරමින් මනා කොට වූ අභ්‍යාසවෘද්ධ සංගීත විජිතයක සැරිසරන්නකු වූ නිසාය.

1988 වසරේ දී ඇරඹි සිහශක්ති සංගීත කණ්ඩායම ඔහුගේ එම විජිත දිවිය එකලස් කළ අග්‍රඵලයක් ලෙසද හැඳින්විය හැකිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්