The Leader News
BREAKING
Top Ad
පුවත්

විදුලි වෘත්තිය සමිති 24 ක් වර්ජනයකට සැරසෙයි !

T

The Leader Desk

January 22, 2026 • 5:09 AM

විදුලි වෘත්තිය සමිති 24 ක් වර්ජනයකට සැරසෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති එකමුතුව කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
  • අමාත්‍යවරයා සේවකයන් ලෙස ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමවලට සඳහා සාධාරණය ඉටුනොකර ගැසට් පත්‍රය ප්‍රසිද්ද කළ හොත් ගැසට් පත්‍රය අවලංගු කරන තෙක් සියලුම සේවකයන් වැඩ වර්ජනයකට යන බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර කීය.
  • මිර්ෂාඩ් පැවසුවේ, විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වෘත්තිය සුරක්‍ෂිතභාවය පිළිබඳව අධිකරණයෙන් දුන් නෛතික රාමුව තුළ සාමූහික ගිවිසුමක් අස්සන් කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටි බවත් කෙසේ වෙතත් මේ දක්වා එම සාමුහික ගිවිසුමේ කෙටුම්පත් පමණක් ලැබී ඇති බවත්ය.
  • එම කෙටුපත්වල අඩුපාඩු තිබුණත් ඒ පිළිබඳවත් කිසිඳු කටයුත්තක් මේ දක්වා වී නොමැති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති එකමුතුව කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර එහිදී පැවසුවේ කළයුතු කාර්යන් සියයට 100 ක් නොකර 2024 අංක 36 දරණ විදුලිබල පනත ක්‍රියාත්මක වන දිනය ප්‍රකාශයට පත්කීමට ආණ්ඩුව සූදානම් වන බවත් එසේ කළහොත් එම මොහොතේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරමට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 24 ක් තීරණය කළ බවත්ය.

අමාත්‍යවරයා සේවකයන් ලෙස ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමවලට සඳහා සාධාරණය ඉටුනොකර ගැසට් පත්‍රය ප්‍රසිද්ද කළ හොත් ගැසට් පත්‍රය අවලංගු කරන තෙක් සියලුම සේවකයන් වැඩ වර්ජනයකට යන බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර කීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එම්. අයි. ඒ. මිර්ෂාඩ් පැවසුවේ, විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වෘත්තිය සුරක්‍ෂිතභාවය පිළිබඳව අධිකරණයෙන් දුන් නෛතික රාමුව තුළ සාමූහික ගිවිසුමක් අස්සන් කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටි බවත් කෙසේ වෙතත් මේ දක්වා එම සාමුහික ගිවිසුමේ කෙටුම්පත් පමණක් ලැබී ඇති බවත්ය.

එම කෙටුපත්වල අඩුපාඩු තිබුණත් ඒ පිළිබඳවත් කිසිඳු කටයුත්තක් මේ දක්වා වී නොමැති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩල නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත පැවසුවේ පෙබරවාරි මස 1 වැනිදායින් පසුව දිනක විදුලිබල මණ්ඩලය අහෝසි කරන ගැසට්ටුවට රජයේ පාර්ශවයෙන් අස්සන් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව දැනගන්නට ලැබුණු බවත් එම කටයුත්තට යනවා නම් විදුලිබල මණ්ඩල පනත ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඊට පෙර සිදුවිය යුතු දේවල් රැසක් ඇති බවත්ය.

මෙම තත්වය යටටතේ විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමේ ගැසට්ටුව ප්‍රමාද කරන්න ලෙස පවසන බවත් දින 10 කට කලින් විදුලිබල ඇමතිවරයා කරුණු 8 ක ලිපියක් දුන්න ද එයට සැල්කිල්ලක් හෝ ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ඔහු පැවසීය.

ඇමතිවරයා වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කර නිවැරදි නොකර ආයතනය අහෝසි කළ හොත් නැවත නොදන්නා වැඩවර්ජනයකට යන බව ද ප්‍රභාත් ප්‍රියන්ත වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ ඇතුළු නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදුලි වෘත්තිය සමිති 24 ක් වර්ජනයකට සැරසෙයි ! | The Leader