The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනතාවගේ මුදල් ගසා කන තහනම් පිරමීඩ ආයතන 24ක් හඳුනා ගනියි

T

The Leader Desk

February 26, 2026 • 4:41 PM

ජනතාවගේ මුදල් ගසා කන තහනම් පිරමීඩ ආයතන 24ක් හඳුනා ගනියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
  • මෙවැනි ආයතන 23ක් මීට පෙර හඳුනාගෙන තිබු අතර පෙරේදා (25) තවත් එක් ආයතනයක් හඳුනාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
  • ඒ අනුව I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com, bannercuts.com, bannercuts.lk,bannercuts.net, සහ bannercuts.org යන වෙබ් අඩවි මගින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කරන බවට අලුතෙන්ම හඳුනාගෙන තිබේ.
  • ශ්‍රී ලංකා මහබැංකුව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරනු ලැබූ විමර්ශනවලින් අනතුරුව පිරමීඩ ජාල රැසක් පිළිබඳව ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් සිදු කරමින් මේබව කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෙවැනි ආයතන 23ක් මීට පෙර හඳුනාගෙන තිබු අතර පෙරේදා (25) තවත් එක් ආයතනයක් හඳුනාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව  I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත  icanonlineadvertising.com, bannercuts.com, bannercuts.lk,bannercuts.net, සහ bannercuts.org යන වෙබ් අඩවි මගින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කරන බවට අලුතෙන්ම හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව  දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරනු ලැබූ විමර්ශනවලින් අනතුරුව පිරමීඩ ජාල රැසක් පිළිබඳව ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් සිදු කරමින් මේබව කියා සිටියේය.

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශනවලට පසුව මහ බැංකුව මෙසේද කියයි.

මීට අමතරව, බැංකු පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට තීරණය කර ඇති තවත් ආයතන සහ ජංගම දුරකථන යෙදවුම් (Apps) රැසක ලැයිස්තුවක් ද මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කර ඇත. එම ලැයිස්තුවට පහත ආයතන ඇතුළත් වේ.

 
1- Tiens Lanka Health Care (Pvt) Ltd,

2- Best Life International (Pvt) Ltd,

3- Global Lifestyle Lanka (Pvt) Ltd,

4- OnmaxDT,

5- MTFE App,  Qnet/ Questnet. Mark – Wo International,

6- V M L International,

7- Fast3Cycle International,

8- Sport Chain app,

9- Fastwin (Pvt) Ltd,

10- Fruugo Online App,

11- Ride to Three Freedom (Pvt) Ltd,

12- Era Miracle (Pvt) Ltd, and Genesis Business School,

13- Ledger Block,

14- Isimaga International (Pvt) Ltd,

15- Beecoin App, and Sunbird Foundation,

16- Windex Trading,

17- Smart Win Entrepreneur (Pvt) Ltd,

18- Net Fore International (Pvt) Ltd/ Netrrix,

19- Pro Care (Pvt) Ltd,  

20 - SGO (sgomine.com).



මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ මෙම ආයතන විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට නිර්ණය කර ඇති බැවින්, එවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසයි.

මෙවැනි තහනම් ජාල ප්‍රවර්ධනය කිරීම හෝ ඒවායේ නියැලීම නීතිවිරෝධී කටයුත්තක් බවට ද මහ බැංකුව වැඩිදුරටත් ජනතාවට සිහිපත් කර සිටියි.

(සටහන | ජේ. මුණසිංහ)

12

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනතාවගේ මුදල් ගසා කන තහනම් පිරමීඩ ආයතන 24ක් හඳුනා ගනියි | The Leader