''දෙදහස් හතළිහේ දැක්ම'' නම් සංවිධානයේ සභාපති සේනක දඹවින්න විසින් සම්පාදිත, එකී සංවිධානය විසින් ප්‍රකාශිත 'මාගේ දේශය අවදි කරන්නට' නම් ග්‍රන්ථය,

ජුනි මස පළමු වෙනිදා පස්වරු 2 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී දොරට වැඩීමට නියමිත ය.

ලංකාව හසු වී සිටින දරිද්‍රතා උගුලෙන් ගලවා සෞභාග්‍යමත් දේශයක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රායෝගික යෝජනාවලියක් ඉදිරිපත් කරන මෙම කෘතිය ඔස්සේ වර්තමානයේ රටම විඳවමින් සිටිනා හේතුව, හේතුව නැති කිරීම සහ එකී හේතුව නැති කිරීමේ මාර්ගයත් පෙන්වා දෙයි.

දෙදහස් හතළිහේ දැක්ම නැතහොත් Vision2040 Limited යනු වර්ෂ 2040 වන විට සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා, ලංකාවද ඇතුළුව ලෝකය පුරා වාසය කරණ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරික නායකයින්, නව නිපැයුම්කරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, කර්මාන්තකරුවන්, කෘෂිකාර්මිකයින් සහ උපාධි අපේක්ෂකයින්, පක්ෂ දේශපාලන මැදිහත්වීමකින් තොරව සාමූහික ප්‍රයත්නයක් ලෙස ආරම්භ කරන ලද රාජ්‍ය-පෞද්ගලික සහ සිවිල් සමාජ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලාංකික සංවිධානයක් වන අතර නව අදහස් ජනනයන්ට, සමාජගත කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට ඇප කැප වී සිටින දෙදහස් හතළිහේ දැක්ම නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටී. 

මාගේ දේශය අවදි කරන්නට' ග්‍රන්ථය දොරට වැඩීම ගැන වැඩි විස්තර සඳහා 0771 441 441 හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. සමඟ සම්බන්ධ වන්න.

මාධ්‍ය සම්බන්ධීකරණය දිනේෂ් බණ්ඩාර : 077 436 6477

 

IMG 20240531 WA0001

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්