සමගි ජන බලවේග රජයක් තුළ ජනාධිපති වුවත් අගමැතිට මෙන්ම කිසිදු අයකුට හොරකමට, අල්ලසට, පගාවට ඉඩක් නොමැති බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.


ඔවුන්ට සුරසැප විඳිනවාට වඩා දැඩි දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හම්බන්තොට මුල්කිරිගල වලස්මුල්ල මැදගම්ගොඩ මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 211 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය.

සක්වල හා හුස්ම වැඩසටහන්වල සියලු ගණුදෙනු සහ පරිත්‍යාග සිදුවන්නේ පූර්ණ විනිවිධභාවයකින් යුක්තව බැවින් සමගි ජන බලවේග රජයක් තුළත් සියලුම රාජ්‍ය ගණුදෙනු පූර්ණ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසන්නේ.

තාන්න මාන්න වරදාන වරප්‍රසාද නොලැබෙන විට සමහර විට විවිධ පුද්ගලයන් විවිධ තීන්දු තීරණ ගත හැකි බවත් මේ වන විට මත්පැන් බලපත්‍ර වෙනුවෙන් දේශපාලන පක්ෂ සොයා යන පිරිස් පවා සිටින බවද සජබ නායකයා පැවසීය.

තමන්ගේ ආත්මය, ගෞරවය ගැන නොසිතා සිල්ලර දේශපාලනයක නිරත වන බවත් මේ රට පරිහානියට පත් වී ඇත්තේ එම සිල්ලර දේශපාලනය නිසා බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන මහා සංවර්ධන සංග්‍රාමයකට කැපවිය යුතු පවසන විපක්ෂ නායකවරයා ක එක දේශපාලනඥයන් පසුපස නොගොස් ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් සාඩම්බර ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ජනතාවට උදාකර දිය යුතු බව අවධාරණය කරයි.

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්