බාර් ලයිසන් ලබා ගත් එක් මන්ත්‍රීවරයෙකු හෝ සමගි ජන බලවේගයේ නැතැයි කියා සහතිකයක් රටට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට මාලිමාවේ නායකයා අභියෝග කර තිබේ.


ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මැයි 30 වැනිදා හිඟුරක්ගොඩ ගොවි රැලිය අමතමින් මෙම අභියෝගය කළේය.

වරදාන වරප්‍රසාද බෙදා ගන්නා විට ආණ්ඩුව සහ විපක්ෂය වෙනස් නැතැයි ද ඔහු මෙහිදි පැවසීය.

“රට යනකොට රනිල් තනියම යන්නේ නැහැ. ඒ ධනය වියදම් කරලා කින්ස් නෙල්සන්, ස.ජ.බෙ. මාන්නප්පෙරුම, ඉෂාක් රහුමාන්, එක්කරගෙන යනවා. බෙදා ගන්නකොට ආණ්ඩුව හා විපක්ෂය කියලා එයාලාට වෙනසක් නැහැ. මේ රට වැටිලා. රිම් එකෙන් යන්නේ. වාහන ගෙන්වන්නේ නැහැ. මේ වෙලාවේ විපක්ෂයයි, ආණ්ඩුවයි දෙගොල්ලොම එකතු වෙලා අත්සන් කරනවා වාහන පර්මිට් එකක් දෙන්න කියලා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් පර්මිට් එක දෙන්න ඕනලු. කෝටි පහළොවකට විතර විකුණා ගන්න පුළුවන්. ආණ්ඩුවේ මන්ත්‍රීලයි, ස.ජ.බ. මන්ත්‍රීලයි බෙදා ගන්න කොට, නාස්ති කරන කොට එකට එකතු වෙලා කරනවා. බාර් ලයිසන් දුන්නා. මන්ත්‍රීවරයා නමක් යෝජනා කරන කොට ලයිසන් එක දෙනවා, මන්ත්‍රී ගානක් ගන්නවා. මන්ත්‍රී කියනවා, ඔයා නමක් යෝජනා කරන්න, මම ලයිසන් එක දෙන්නම්, ඔයා එයාගෙන් සල්ලි ගන්න කියා. මම සජිත් පේමදාසට අභියෝග කරනවා, බාර් ලයිසන් ඉල්ලපු එක මන්ත්‍රීවරයෙක් හෝ ස.ජ.බ. නැහැ කියා පුළුවන් නම්, රටට සහතිකයක් දෙන්න. ඒගොල්ලන් එකට හොරකම් කරන්නේ. නාස්ති කරන්නේ, බෙදාගෙන කන්නේ.”

භාන්ඩාගාරයට අයිතිව තිබු ධනය ඇලෝසියස්ගේ, රවි කරුණානායකගේ, ලක්ෂ්මන් කිරිඇල්ලලාගේ ගෙදරට හරවා තිබු බව මෙන්ම භාණ්ඩාගාරයට එන්න තිබු ධනය හොරකම් කළ බව ද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

akd h 1

akd h 2

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්