හිටපු අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක කරන ලද ප්‍රකාශයක්

සම්බන්ධව මන්ත්‍රීවරයා අධිකරණයේදී සමාව ගැනීමෙන් පසුව නඩුව සමථයකට පත් කර අවසන් කිරීමට කඩුවෙල දිසා විනිසුරු තීන්දු කර තිබේ.

2021 වර්ෂයේ සැප්තැම්බර් මස පස් වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක සීනි තොග රැස් කරමින් අකටයුත්තක් සිදු කරන බවත් එය හිටපු අමාත්‍යවරයෙකු නොගැලපෙන බව විමලවීර මන්ත්‍රීවරයා කියා තිබුනි.

එම ප්‍රකාශයෙන් තම කීර්ති නාමයට කැළලක් සිදුව ඇති බවත් ඒ වෙනුවෙන් බිලියන දෙකක වන්දියක් ලබා දෙන ලෙසත් පවසමින් රවී කරුණානායක නඩු පවරන ලදී.

අදාළ නඩුව අද (31) කඩුවෙල දිසා අධිකරණයෙහි කැඳවු අවස්ථාවේ දී තමන් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක සමාව අයැදීම සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක ඊට එකගතාවය පල කිරීමත් නිසාවෙන් නඩුව සමථයකට පත්කර අවසන් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග තීන්දු කළේය.

“වැරදි කිරිම සමාන්‍ය මනුෂ්‍ය ස්වාභාවයක් නමුත් ඒකට සමාව දීම දේව ගතියක්.” යැයි අධිකරණයෙන් පිටත රැඳි සිටි මාධ්‍ය වෙත රවී කරුණානායක කියා සිටියේය.

තමන් මෙසේ සමාව දුන් 11 වෙනි අවස්ථාව මෙය බව ද හිටපු අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

“අපිට අවශ්‍ය වෙන්නේ රටක් හදන්න මිසක් පුද්ගලිකව බැන බැන ඉන්න නෙමෙයි.” රවී කරුණානායක හිටපු ඇමැතිවරයා තවදුරටත් පැවසීය.

(චතුරංග මේදිස්)

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්