රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට යම්තාක් දුරකට ස්ථාවර කළත් එයි සෑහිමකට පත්වෙන්න බැරි බව සමගි ජන බලවේගයේ

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසීය.

රට ඇත්තටම ගොඩගත හැකි හොදම කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ බවද මාන්නප්පෙරුම සඳහන් කළේය.

වර්තමාන ජනාධිපතිවරයාට දක්ෂ කණ්ඩායමක් නැතැයි කී මන්ත්‍රීවරයා, ඉදිරි මැතිවරණ වලදී එක්විය යුත්තේ වෛරක්කාරී කණ්ඩායම් සමඟ නොව රට දියුණු කරන කණ්ඩායමක් සමඟ බව ජනතාව තේරුම් ගෙන සිටින්නේ යැයිද පැවසීය.

කොළඹ සමගි ජන බලවේග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී මාන්නප්පෙරුම මේ බව සඳහන් කළේය.

වැස්ස ආවාම ලයිට් බිල අඩු කරනවා කී ආණ්ඩුව දැන් ගොළුවන් බිහිරන් බවට පත්වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

විදුලි බල මණ්ඩලේ මෙච්චර ලාබයි, අච්චර ලාබයි කියා පම්පෝරි ගහන නමුත් පාරිභෝගික ජනතාව ලයිට් කපාගෙන හිඟමනට වැටී ඇතැයි මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා  කීය.

ඒ නිසා ජල විදුලි උත්පාදනයේ වාසිය ජනතාවට ලබා දෙන නිසා මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

ජනමත විචාරණයක් ගැන අලුත්ම මතවාදයක් ගොඩනැගී තිබෙන අතර පළමුවෙන් තිබෙන්නේ මොන මැතිවරණයක්ද කියා රටට කිසිම අදහසක් නැතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තබන්නැයි ඉල්ලීම සඳහා බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට කඩිනමින් ලංකාවට පැමිණ ඉල්ලීම් කරමින් සිටින බවද මාන්නප්පෙරුම  කීය.

ආණ්ඩුව ක්‍රියා කරන්නේ රටේ ජනතාව ජීවත් කරවන්නට නොව තමන්ගේ වාසිය සඳහා බව හොඳටම පෙනෙන්නට තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

මේ වන විට නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන දෙකම කඩා වැටී තිබෙන බාත්, රජයේ විශ්ව විද්‍යාල පාසල් කඩා වැටුණත් පෞද්ගලික විශ්ව විද්‍යාල සහ රෝහල් හොඳින් ක්‍රියාත්මක වෙන බවත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා කීය.

(lankadeepa.lk -අංජුල මහික වීරරත්න 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්