වසර 2023 ජනවාරි අප්‍රේල් කාලයට වඩා 2024 ජනවාරි අප්‍රේල් කාලයේදී මෙරට අපනයන ආදායම් වැඩිවී ඇතැයි

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසර 2023 ජනවාරි අප්‍රේල් කාලය තුල මෙරටට ලැබුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 3846ක අපනයන ආදායම අභිභවා මේ වසරේ මුල් මාස හතරේදී ඩොලර් මිලියන 4056ක අපනයන ආදායමක් ලබා ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මෙය වසර 2023 එම කාලයට සාපේක්ෂව වසර 2024 එම කාලයේදී 5.5%ක වාර්ෂික වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

2024 අප්‍රේල් මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 878ක අපනයන ආදායමක් ලැබී ඇත. එය වසර 2023දී වාර්තා වූයේ ඩොලර් මිලියන 849ක් ලෙසය. ඒ අනුව 2023ට සාපේක්ෂව 2024දී 3.4%කින් වර්ධනයවී ඇත.

වසර 2024 ජනවාරි අප්‍රේල් ආනයන වියදම ඩොලර් මිලියන 5833කි. වසර 2023 ජනවාරි අප්‍රේල් එය ඩොලර් මිලියන 5325කි. ඒ අනුව එය එම කාලය තුල 9.5%කින් වර්ධනය වී ඇත. වසර 2024 අප්‍රේල් මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1435කි. 2023දී එය ඩොලර් මිලියන 1431ක් විය. ඒ අනුව අප්‍රේල් මාසයේදී පෙර වසරට සාපේක්ෂව 0.3%ක ආනයන වියදම් වර්ධනයක් සිදුවී ඇත.

2024 අප්‍රේල් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරමින් අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ආනයන වියදම් ඉහළ යෑමට වඩා අගයකින් අපනයන ආදායම වැඩිවීම හේතුවෙන් මේ වනවිට අප්‍රේල් මාසයේදී වෙළෙඳ හිඟය අඩුවී ඇත. නමුත් 2024 ජනවාරි අප්‍රේල් කාලවලදී සමස්ත වෙළෙඳ හිඟය පුළුල් වී ඇත.

2024 අප්‍රේල් මාසයේදී සංචාරකයින් පැමිණීම මන්දගාමී වුවද සංචාරක අංශයේ වර්ධනයක් අඛණ්ඩව පවතින බව ද මහ බැංකුව කියයි.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව වර්ධනය වී ඇත. මෙරට දළ නිල සංචිතය වසර 2023 වසර අවසානයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් බිලියන එකකට වඩා වාර්තා කරමින් 2024 අප්‍රේල් මාසය වනවිට එය ඩොලර් බිලියන 5.5ක් දක්වා වැඩි වී ඇතැයිද මහ බැංකුව කියයි.

(ජේ. මුණසිංහ)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්