පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.


සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තීරණය කර ඇත.

හෙට පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප පහතින් දැක්වේ.

සබරගමුව පළාත‍


* රත්නපුර දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්
* කෑගල්ල දිස්ත්‍රික්කය - සියලුම පාසල්

දකුණු පළාත

*ගාල්ල දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්
*මාතර දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්

බස්නාහිර පළාත

* කළුතර දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්
* කොළඹ දිස්ත්‍රික්කය - හෝමාගම කලාපය

ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, එච්. ටී. කුෂාන් සමීර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හෙටින් පසු ව ඇති වන කාලගුණ තත්ත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ඇත.

2024 06 03 Press

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්