Ranil, The Leader we need... ගීතය පැය 24 වැනි කෙටි කාලයක් තුල නිර්මාණය වූවකි.


මෙම ගීතය නිර්මාණය කර ඇත්තේ The ROAD නැමැති සිවිල් සංවිධානයක් විසිනි. 

The ROADහි තේමා පාඨය Reforms Of Accountability And Dimocracy යන්න යි. ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම මානව හිමිකම් ස්ථාපිත කිරීම සහ රට ආර්ථික  වශයෙන් ස්ථාවර කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් ක්‍රියාකරන තරුණ කණ්ඩායමකි.

Ranil, The Leader we need... ගීතයෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාව බරපතල ලෙස දේශපාලනිකව සහ ආර්ථිකව අස්ථාවරව තිබූ මොහොතක, විශේෂයෙන්ම එම අභියෝගය භාරගැනීම සියලු නායකයින් ප්‍රතික්ෂේප කිරීම හමුවේ රට අගාධයකට  ඇදීගිය අවස්ථාවක වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම අභියෝගය භාර ගැනීමත්, කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාව නිවැරදි දිශානතියක් කරා මෙහෙයවමින් යම්කිසි ස්ථාවරත්වයක් කරා ගෙන ඒම පිළිබඳවයි.

එය දැවැන්ත කුණාටුවකට මැදිව සාගරයේ අතරමංව මුහුදුබත් වීමට ආසන්නව පැවති නෞකාවක වගකීම තනිව සියතට ගත් කපිතාන්වරයකු, නිවැරදි දිශානතියකට සිය නෞකාව මෙහෙයවමින් නිසල සයුරක් කරා නිරුපද්‍රිතව ගෙන ඒමක් වැනිය.එසේම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සියතට ගත් ලංකාව නිසි අයුරින් මෙහෙයවමින් නිවැරදි මාවතක් ඔස්සේ ඉලක්කගත දිශානතියක් කරා මේ වනවිට මෙහෙයවමින් සිටී.

අනාගතයේ රටට අවශ්‍ය නායකත්වයත්,රට නිවැරදි මාවතක ගමන් කරවීමේ හැකියාවත්, නායකත්ව ගුණාංගත් ඔහු වෙත නොමදව පවතී යන්න මෙම ගීතය තුළ අරුත් ගන්වයි.

ඒ අනුව මේ රටේ අනාගතය සුරක්ෂිත බවට රනිල් සිය නායකත්ව භාවිතාව තුළ මැනවින් ඔප්පු කොට හමාරය. 

ආර්ථිකය නටඹුන් වූ 
දේශපාලනය ව්‍යාකූල වූ 
පසුබිමක  
ඔහු අභියෝගය භාරගෙන... 
අඳුරු මගට ආලෝකය දී
තෙරෙක් නොපෙනුණ 
වැල් පාලමේ ගමන, 
අද  අවසන් අදියරේ ය...
එදා අභියෝග අත්හළ
දැන් බලය ඉල්ලන
සමහරක්ට
අදටත් සැලැසුමක් නැත...
අපේ රට ගොඩගන්න 
පසක් කළ දැක්මක්
රනිල්ට සතුය...
ඉදින් Ranil, 
The Leader we need...

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්