ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2024 ජූලි මස 01 දින අති උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.


මෙම ප්‍රදර්ශනය 2024 ජූලි මස 01 දින සිට ජූලි මස 07 දින දක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (Kandy City Center) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.

ප්‍රදර්ශනය සඳහා දිවයිනේ ප්‍රධානතම පොත් ප්‍රකාශකයින් සහ රාජ්‍ය ආයතන ඇතුළුව ප්‍රකාශකයින් රැසක් සහභාගි වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය දන්වා සිටී.

මෙවර මහනුවර පොත් දැක්මේ ප්‍රධාන අනුග්‍රාහකයින් වනුයේ සමුද්‍ර ප්‍රකාශන ආයතනය යි. ප්ලැටිනම් අනුග්‍රාහකයින් ලෙස: අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, ජයා බුක්සෙන්ටර්, සහ සුසර ප්‍රකාශන කටයුතු කරයි.

රන් අනුග්‍රාහකයින් වනුයේ ඉමාෂි ප්‍රකාශන, එම්.ඩී. ගුණසේන සහ සමාගම, මියුසස් ප්‍රකාශන, එස්.ඩී. විජේතුංග ප්‍රකාශන සහ සුභා ප්‍රකාශන යන ආයතනය යි.

මාධ්‍ය අනුග්‍රාහකයින් ලෙස දෙරණ ටීවී, නෙත් එෆ් එම් සහ ලංකාදීප පුවත්පත් සමාගම කටයුතු කරයි. විද්‍යුත් අධ්‍යාපන සහකරු DP Education ආයතනය යි.

මහනුවර පොත් දැක්මෙහි සම සංවිධාකයින් ලෙස පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සමග අත්වැල් බැඳගනු ලබන්නේ Kandy City Center ආයතනයයි.


මහනුවර පොත් දැක්ම 2024. සහභාගී වන ආයතන සහ කුටි සැලැස්ම

 

ප්‍රධාන අනුග්‍රාහක

* සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ - Stall A

ප්ලැටිනම් අනුග්‍රාහකයින්

*  අකුර ප්‍රකාශකයෝ - Stall B
*  ආශිර්වාද ප්‍රකාශකයෝ - Stall C
*  ගොඩගේ ප්‍රකාශකයෝ - Stall J
*  ජෙයා බුක්සෙන්ටර් - Stall K
*  සුසර ප්‍රකාශකයෝ - Stall D


රන් අනුග්‍රාහකයින්

*  ඉමාෂි ප්‍රකාශන - Stall H
*  එම්.ඩී.ගුණසේන සහ සමාගම - Stall G
*  මියුසස් පබ්ලිෂින් හවුස් - Stall 23-26
*  එස්. ඩී. විජේතුංග ප්‍රකාශකයෝ - Stall 1-3
*  සුභා ප්‍රකාශකයෝ - Stall 10-12


මතු දැක්වෙන ප්‍රකාශන ආයතන ද මෙවර මහනුවර පොත් ප්‍රදර්ශනයේ දී සිය ප්‍රදර්ශන කුටි වෙන් කරවාගෙන ඇත.

*  ආකර්ෂා ප්‍රකාශකයෝ - Stall 21-22
*  අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව - Stall 9
*  IBMC ප්‍රකාශකයෝ - Stall 13
*  කඩුල්ල ප්‍රකාශකයෝ - Stall 19
*  Knowledge Bank - - Stall 31-32
*  K Books - Stall 29
*  මසිත ප්‍රකාශකයෝ - Stall 6
*  රත්සර ප්‍රකාශකයෝ - Stall 16
*  රීඩින් ප්ලැන්ට් ප්‍රකාශකයෝ - Stall 18
*  S & T Group - Stall 20
*  සමනල දැණුම ප්‍රකාශකයෝ Stall 14
*  සමරනායක ප්‍රකාශකයෝ - Stall 15
*  සන්ථව ප්‍රකාශකයෝ - Stall 36
*  සතර ප්‍රකාශකයෝ - Stall 27-28
*  සිප්සයුරි ප්‍රකාශකයෝ - Stall 33
*  සුභාවි ප්‍රකාශකයෝ - Stall 4-5
*  සුරේන්ද්‍ර ප්‍රකාශකයෝ - Stall 35
*  තාරා ප්‍රකාශකයෝ - Stall 17
*  තරංග ප්‍රකාශකයෝ - Stall 34
*  උදය ප්‍රකාශකයෝ - Stall 7-8
*  වර්ණ ග්‍රැෆික්ස් - Stall 30
*  විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Stall 37
*  Promate - Stall E
*  Panther - Stall F
*  DP Education - Stall I

 
(ජයසිරි අලවත්ත)

2024 මහනුවර පොත් ප් රදර්ශනය කුටි සැලසුම
447291918 990185689342629 2608537514080709792 n
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image