ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගය (මාලිමාව) විසින් අද (03) පස්වරුවේ

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබීය.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය පෙත්සම්කරුවන් වන අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු නීතිඥයින් සම්බන්ධ විය.

අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

මෙරට ආර්ථික අර්බුදය විසඳීමට පවතින එකම විසඳුම සේ සළකා යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය දෙන්නැයි ජනාධිපතිවරයා ඊයේ එජාප මුලස්ථානයේ පැවති රැස්වීමකදී සියලු පක්ෂවලින් ඉල්ලා සිටියේය.

fsfrtwe4

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්