දේශපාලන සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුවක් සඳහා

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගේ නම ද ඇතුළත් කර ඇත.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ගේ මූලිකත්වයෙන් පත්කර තිබෙන මෙම පාර්ලිමේන්තු කණ්ඩායමේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අමාත්‍යවරු ද රංජිත් මද්දුමබණ්ඩාර සහ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරුද සාමාජිකයෝ වෙති.

එජාප කමිටුවලට සජබෙ මහලේකම්වරයා පත්කරන්නේ කෙසේදැයි පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසූයේ, ඔහුට නැවත එජාප සාමාජිකත්වය දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙන බවයි.

රංජිත් මද්දුමබණ්ඩාර එජාප සාමාජිකයෙක් බව අධිකරණය පවා පිළිගෙන තිබෙන්නේ යැයිද පාලිත රංගේ බණ්ඩාර කීය.

 

රංජිත් මද්දුම බණ්ඩාරට යළි එජාප සාමාජිකත්වය

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (02) තීරණය කළේය.

 රංජිත් මද්දුම බණ්ඩාර 2020 වසරේදී සමගි ජනබලවේගය සමඟ එක්විම නිසා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අත්හිටවනු ලැබීය.

පක්ෂ සාමාජිකත්වය යළි ලබා දුන්නද පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ද මෙහිදී තීරණය කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණි.

තේරුම තව ටික දවසකින් තේරේවි - වජිර අබේවර්ධන

රන්ජිත් මද්දුම බණ්ඩාරගේ පක්ෂ තහනම ඉවත් කිරීමට ගත් තීන්දුවේ ඉතිරි කතාව තේරුම් ගැනීමට තවත් ටික දවසක් ගතවනු ඇතැයි එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

'' ඔය ගැන හිමිහිට කල්පනා කරන්න වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට ගියෙ එක්කෙනෙක් හැටියට. අද එතුමා ප්‍රසිද්ධ නොකලාට තනිවම නෙවෙයි ඉන්නේ සිය ගණනක් එක්කයි ඉන්නේ කියලා මම ඔබට මතක් කරන්න කැමතියි.'' මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ පැවසිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්