වයඹ පළාතේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු ආයෝජකයන් පිරිසක් කැමැත්ත පළ කර ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය

පවසයි.

වයඹ පළාතේ තොරතුරු තාක්ෂණය, පශු සම්පත් සංවර්ධනය හා ස්වාභාවික ගෑස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම කෙරෙහි ඉන්දියානු ආයෝජකයන් කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙංගඩේස්වරන් ගේ නායකත්වයෙන් අමෙරිකානු එක්සත් ජනපදයේ මූලස්ථානය පිහිටා තිබෙන ෆෝර්ට්‍රස් ඇතුළු ආයතන රාශියක නියෝජිත පිරිසක් පසුගිය 30 වැනි දින වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර නසීර් අහමඩ් හමුවී වයඹ පළාතේ ආයෝජනය කළ හැකි අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වූහ.

 මෙරට පශු සම්පත් සංවර්ධන ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට වයඹ පළාත පත්කිරීමට අවශ්‍ය සියලුම සම්පත් පළාතේ පවතින බවට ද, පළාත තුළ අයෝජනය කිරීමට කැමැති සියලුම ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙන බවට ද ආණ්ඩුකාරවරයා එහිදී ප්‍රකාශ කළේය.


තොරතුරු තාක්ෂණය, ස්වාභාවික ගෑස් නිෂ්පාදනය, හයිඩ්‍රජන් ගෑස් නිෂ්පාදනය ආදී ක්ෂේත්‍රවල මහා පරිමාණ කර්මාන්ත ශාලාවන් වයඹ පළාතේ ආරම්භ කිරීමට තමන් අදහස් කරන බවට ප්‍රකාශ කළ ඉන්දියානු ආයෝජකයෝ ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ පහසුකම් සලසා දෙන මෙන් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කළහ.

මේ මස 19 වැනි දින ආසන්න වශයෙන් 70කට අධික ඉන්දියානු ආයෝජකයන් පිරිසක් කැඳවාගෙන පැමිණ වයඹ පළාතේ ආයෝජනය කළ හැකි අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බව ද එම ආයෝජකයන් පිරිස සඳහන් කළහ.

මීට වසර ගණනාවකට පෙර වයඹ පළාත් සභාව ක්‍රියාත්මකව පැවැති අවධියේ ඉන්දියාවේ සුප්‍රකට අමූල් කිරි සමාගම වයඹ පළාත් සභාව සමඟ එක්ව මාවතගම ප්‍රදේශයේ කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට කැමැත්ත පළ කර ඊට අවශ්‍ය ඉඩම් පවා නිරීක්ෂණය කර තෝරාගෙන තිබුණි. නමුත් විවිධ කරුණු හේතුවෙන් එම ආයෝජන ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීය.

මේ අවස්ථාවට වයඹ පළාත් ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න, ආණ්ඩුකාර ලේකම් ඉන්දික ඉලංගකෝන් ඇතුළු වයඹ පළාත් සභාවේ නිලධාරීහු සහභාගි වූහ.

(පුෂ්පකුමාර ජයරත්න)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්