පවතින වැසි සහිත කාලගුණ සහ ගංවතුර තත්වය සමඟ රෝග කිහිපයක ව්‍යාප්තිය වැඩිවනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.


අපිරිසිදු ජලය සහ අපිරිසිදු ආහාර මගින් මෙසේ රෝග ව්‍යාප්ත විය හැකි බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙයි.

"පාචනය, අතීසාරය, උණසන්නිපාතය සහ ඉන්ෆ්ලුවෙන්සා කියන රෝග තත්ත්වයන් තමයි ව්‍යාප්තව තිබෙන්න ඉඩකඩ වැඩී විශේෂයෙන්ම පාචනය කියන රෝගය අපිරිසිදු ජලය සහ අපිරිසිදු ආහාර මඟින් තමයි බෝවෙන්නේ. බොහෝවිට මේක වෛරස් උණක්. මෙතනදී රෝග ලක්ෂණ විදිහට උණත් සමග වමනය, අජීරණය, බඩ රිදිල්ල වගේ රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. දෙවනුව පාචනයට අමතරව වැසිකිළි යන විට ලේ යනවා නම් මේක අතිසාරය වෙන්න පුළුවන්. ඊට අමතරව මේ දවස්වල තාමත් ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරෙනවා. ඒ නිසා කැස්ස සෙම්ප්‍රතික්ෂාව, උණ පවුලක ඉක්මනට පැතිරෙනවා නම් මේක ඉන්ෆ්ලුවෙන්සා වෙන්නත් පුළුවන්.”

පවතින සීත අධික දේශගුණික තත්වය හමුවේ ළමුගෙන් හතිය වැනි රෝග වැඩි විමේ ඉඩක් පවතින බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

“කැස්ස හෙම්බිරිසාව හුස්ම ගැනීමේ අපහසුවක් තියෙනවා නම් දරුවෙකුට ඒක ළමා හතිය තියෙයිද කියලා හොයලා බලන්න. මීට ඉස්සරවෙලා කාලයක් තිස්සේ ඉන්හේලස් ගන්න දරුවෝ ඉන්නවා නම් දිගටම ඉන්හේලස් පාවිච්චි කරන්න."

ජල ගැලීම් තත්වයත් සමඟ මී උණ රෝග ව්‍යාප්තිය ද ඉහළ යා හැකි බවට පෙන්වා දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජල ගැලීමට ලක්වූ ප්‍රදේශවල සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව පවසයි.

ජල ගැලීම්වලට ලක්වූ නිවෙස් සහ ජල ප්‍රභව පිරිසිදු කිරීමේ දී විෂබීජනාශක ද්‍රව්‍ය යොදාගැනීම ද අනිවාර්යෙන් සිදුකළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්