වන්නිවාසී ධිවරයන් පිරිසකට පුරුදු පරිදි මුහුදු යාම වලක්වා ලමින් මුලතිව් වෙරලාසන්නයේ ඉඩම් හිමි ව්‍යාපාරිකයකු විසින් අයිතියක් කියා පාමින් කම්බි වැටක් ගසා හරස් කොට ඇත්තේ පොදු පාරක් බව හෙළි වී තිබේ.


අඩසියවසකට ආසන්න කාලයක් යාම ඊම සඳහා යොදාගන්නා ලද දියෝනගර් මාර්ගය නම් වූ එම පාර අවහිරයකින් තොරව පාවිච්චි කිරීමේ අයිතිය ඒ වෙනුවෙන් අරගල කළ ප්‍රදේශවාසීන්ට ප්‍රාදේශීය බලධාරීන් විසින් තහවුරු කොට තිබේ.

කොන්ක්‍රීට් කණු ගසා ඉදිකර තිබු කටුකම්බි වැට කඩමින් විරෝධය පෑ සිලාවත්ත දකුණේ සංවිධාන කිහිපයකටම මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාව මැයි 29 වැනිදා ලිඛිතව දැනුම් දී ඇත්තේ ධිවරයන් වසර 50 ට වැඩි කාලයක් තිස්සේ භාවිත කළ එම මාර්ගය සිය ප්‍රාදේශිය සභාවට අයත් බවයි.

 

“සිලාවත්ත දකුණ ධීවර සමුපකාර සංගමය විසින් ධීවර කර්මාන්තයට යන මාර්ගය ලෙස ඔබ සඳහන් කරන මාර්ගය නම් මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාවට අයත් අංක NMUME283 දරන දියෝනගර් මාර්ගයයි,” ප්‍රාදේශීය ලේකම් රාසයෝගිනී ජයකුමාර් කියා තිබේ.

මෙම මාර්ගය භාවිත කිරීමේදී කිසියම් අයකු බාධා කළහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනිමේ බලයද සිය ප්‍රාදේශීය සභාව වෙත පැවැරී ඇති බව ද මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාවේ ලේකම්වරිය සිලාවත්ත දකුණේ ධීවර සංගම්, ආගමික සිද්ධස්ථාන, කාන්තා සංවිධාන, ග්‍රාම සංවර්ධන කමිටුව, ක්‍රිඩා සමාජය, ගොවි සංවිධානය, වැඩිහිටි සංගමය ඇතුළු බහුජන සංවිධාන වත යොමු කළ ලිපියේ සදහන්ය.

“එමෙන්ම මෙම මාර්ගය සම්බන්ධයෙන් කිසියම් අයෙක් යම් බාධාවක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාව වෙත පැවරෙන බවද දන්වා සිටිමි.”

 

මුලතිව්, දියෝනගර් වැසියන් වසර පනහකට අධික කාලයක් මහ සයුර වෙත ළඟා වීමට භාවිත කළ මාර්ගයක් හරස් කරමින්, කැනඩාවේ පුරවැසි ඇවලෝන් පුද්ගලික සමාගම (Avalon Resort and Spa (pvt) Ltd ) මැයි 26 වැනිදා ධීවරයන්ගේ ගමනාගමනය නතර කිරීමට කටයුතු කර තිබුණි. එම සුපිරි සංචාරක නිකේතනයේ හිමිකරු වන චාර්ල්ස්ජන්තන් ඇන්ටනි ටොරොන්ටෝවේ කැන්බී ෆුඩ්ස් සමාගමේ අයිතිකරුය. ඔහු 1990 දී කැනඩාවේ පදිංචියට ගිය අයෙකි.

 001

 

කලක් තිස්සේ පරිහරණය කළ මාර්ගය හරස් කිරීමට විරෝධය දක්වමින් එම වැට කඩා දැමීමට ක්‍රියා කළ ධිවරයන් තමන් දහක පහක් තිස්සේ භාවිත කළ මාර්ගය නිදහස් කරන ලෙස ඉල්ලමින් එම ස්ථානයේ එදිනම රාත්‍රියේ විරෝධයක් ආරම්භ කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

මැයි 27 වැනිදා එම ස්ථානයට පැමිණි මුහුදුබඩ පත්තු ප්‍රාදේශිය ලේකම්ගේ නියෝජිතයා ප්‍රමුඛ ප්‍රාදේශිය සභාවේ ලේකම් හා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දියෝනගර් ධිවරයන් හට පොරොන්දු වී තිබුනේ ඔවුන්ගේ ගැටළුවට කඩිනමින් විසදුමක් ලබා දෙන බවයි.

ඒ අනුව තමන් මුහුණ දී සිටින ගැටළුව සම්බන්ධයෙන් ලිඛිතවම මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාව දැනුවත් කිරීමට මැයි 28 වැනිදා ප්‍රදේශිය සංවිධාන කිහිපයක්ම කටයුතු කර තිබු අතර ඊට පසු දිනම එම ලිපියට පිළිතුරු සපයමින්  ප්‍රාදේශිය සභාව ලේකම්වරිය දැනුම් දී තිබුනේ ඒ සම්බන්ධයෙන් තමන් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ප්‍රාදේශිය සභාව ලේකම්වරිගේ පිළිතුරු ලිපිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් දැනුවත් කරමින් දියෝනගර් ගම්වාසී ධීවරයකු සදහන් කර තිබුනේ තමන් වසර 50 ක් තිස්සේ භාවිත කළ මාර්ගය කිසිදු බාධාවකින් තොරව භාවිත කිරීමට ප්‍රාදේශිය සභා අනුමැතිය හිමිවු බවයි.

“මෙම මාර්ගය ප්‍රාදේශීය සභාවට අයත් එකක් බවත්, කිසිදු සංවිධානයකට හෝ පෞද්ගලික ආයතනයකට මෙයට මැදිහත් විය නොහැකි බවත්, මේක තමන්ගේ වගකීම යටතේ තියෙන බවත් කියලා මෙම මාර්ගය පාවිච්චි කරලා රස්සාව කරන්න ප්‍රාදේශිය සභාවෙන් අනුමැතිය දුන්නා.”

මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාවේ ලේකම් රාසයෝගිනී ජයකුමාර්, මාර්ගයේ අයිතිය සම්බන්ධයෙන් සිලාවත්ත දකුණේ සංවිධාන කිහිපයකටම ලිඛිතව යොමු කර තිබු ලිපිය පිළිබදව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් හා දේශපාලන ක්‍රියාධර පීටර් ඉලන්චේලියන් විසින් එම සංවිධාන වල නියෝජිතයන්ට  කරුණු පැහැදිලි කිරීමක් ද කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

canbe 1102

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්