ආර්ථික කඩා වැඩිම නිසා ජිවන වියදම ඉහළ ගොස් ඇති බැවින් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පරණ චක්‍රලේඛ උපයෝගී කර ගෙන ආපදා සහන සැලසීම සිදු නොකරන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා තිබේ.


පරණ චක්‍රලේඛ තුළින් ආපදා සඳහා වෙන කර ඇති මුදල අද වන විට ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති 2022.05.16 යන නමින් යුත් විපතට පත් වූවන්ට සහන දෙන චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඉන් පසුව සිදුවූ ආර්ථික කඩාවැටීම තුළ බඩුමිල ආදිය වැඩි වී ඇති නමුත් මෙම චක්‍රලේඛය හරහා එක් පුද්ගලයකුට දෛනිකව පිසූ ආහාර සදහා රු. 450ත්, එක් පුද්ගලයකුට සතියකට වියලි ආහාර සදහා රු. 1350ක් හා සාමාජිකයන් 2ක් සිටින පවුලකට රු.1800ක් සාමාජිකයන් 3කට රු.2100ක්, සාමාජිකයන් 4 දෙනකු සිටින පවුලකට රු.2400ක් හා සාමාජිකයන් 5 දෙනකුගෙන් යුත් පවුලකට රු.2700ක් වෙන් කර ඇත.

සතියකට සාමාජිකයකයන් 2ක් සිටින පවුලකට එක් පුද්ගලයකුට රු.900ක් වෙන් වන බවත් සාමාජිකයන් 5 දෙනකු සිටින පවුලකට 1 අයකුට සතියකට වෙන්වන්නේ රු.540ක් බවත් මෙහි සඳහන් මුදල් වත්මන් ජීවන වියදමත් සමඟ ගැලපෙන්නේ නැති බැවින් එය වහා වෙනස් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ආපදාවට ලත් ජනතාවට ලබා දෙන සහන, කෙටිකාලීනව කඩිනමින් සැපයිය යුතු බව කී හෙතෙම බොහෝ දෙනෙකුට ආහාර ඇදුම් පවා අහිමි වී ඇති නිසා විධිමත් වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු යැයි සඳහන් කළේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අමතර ප්‍රතිපාදන ලක්ෂ 10ක් යැව්වත් එය ප්‍රමාණවත් නොවන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

ආපදාවට පත්ව ඇති ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් සහන සැලසීමට දිවා රෑ වෙහෙස නොබලා සේවය කර දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිසිය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ආදිය දරන උත්සාහයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ප්‍රණාමය පුද කළේය.

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්