ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සංගෘහිතව ඇති භාව ශෘංගාර සබැඳියන් ගැන වීමංසා කරමින් ඉතිහාසඥ සුජිත් අක්කරවත්ත විසින් සිදුකරන විශේෂ

දේශනය 2024 ජුනි 05 දා සවස 2.00 ට රාජගිරිය කෝට්ටේ පාරේ පිහිටි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 

ලංකාවේ ඉතිහාසය නිර්මාණය කිරීමට ද එහි ශිෂ්ටාචාරය ගලා යාමට ද තුඩු දුන් භාවයම මැදිහත් වීම් ගැන ඓතිහාසික මූල ග්‍රන්ථ පදනම් කර ගනිමින් ''ශ්‍රී ලංකා ඉතිහාසය හා භාව හැඟුම්කරණය'' නමින් මෙම දේශනය සිදු කෙරේ. 

මානව භාව තේමාවන් ඔස්සේ සුජිත් අක්කරවත්ත සිදු කරන දිර්ඝ පර්යේෂණාත්මක කාර්යයන් විසින් ඔප්නැංවි ඇති විෂයය පථයක් මෙහි දී සංවාදයට බඳුන් කිරීමට නියමිතය. 

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මෙම විශේෂ දේශනය සියලු දෙනාට විවෘත එකකි.

 

IMG 20240604 WA0078

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්