පනත් සහ කඩදාසිවලට සීමාවුණු ප්‍රතිපත්තිවලින් කාන්තාවන්ගේ ජිවිත සංවර්ධනය කළ නොහැකි බවත් ඒ සඳහා මහපොළොවේ

වඩා යාථාර්ථවාදීව ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතු යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුව මෙවැනි පනත් ගෙන ඒමේ පසුබිම විහිළු සහගත බව මන්ත්‍රීවරිය පැවුසුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන 50%කින් කපා හැර ඇති බව පවසමිනි.

“මෙවැනි පනත් ප්‍රයෝජනවත් ආකාරයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න නම්, නිශ්චිත අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ආණ්ඩුව මෙවැනි පනත් ගෙන ඒමේ පසුබිම විහිළු සහගත තත්වයකුත් පවතිනවා. මෙවැනි පනත් කිහිපයක් ගෙනැවිත් තිබෙන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන 50%කින් කපා හැරි ආණ්ඩුවක්. අදාළ පනත් ක්‍රියාත්මක කිරීමට මානව සම්පත් සහ වෙනත් යටිතල පහසුකම් සපයා ගැනීමට ප්‍රතිපාදන සපයා ගන්නේ කොහොමද? කොමිසම ක්‍රියාත්මක කරන්න මුදල් සපයා ගන්නේ කොහොමද?”

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටවත් ප්‍රමාණවත් තරම් කාලයක් නොමැති බවට ද ඇය චෝදනා කරයි.

පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන සංශෝධන ගැන ද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී සඳහන් කළාය.

“ආණ්ඩුවේ ඒ පනතින් යෝජනා කර තිබෙන කාන්තා කොමිසමට අමතරව වින්දිත කාන්තාවන් හට වඩාත් පිළිගත හැකි ආකාරයෙන් සමථ ක්‍රියාවලියක් ඉටුකිරීමට කාන්තා කටයුතු පිළිබඳව ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කරන්න යෝජනා කර තිබුණත් පනතේ ඒ සම්බන්ධ වගන්ති පැහැදිලි නැහැ. අදාළ ඔම්බුඩ්ස්මන් වගකියන්නේ කාහටද යන්න පැහැදිලි මදි. ඔහුගේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිළිබඳව පැහැදිලි මදි. ඊට අදාළ සංශෝධන අපි යෝජනා කර තිබුණත් අදාළ කරුණු සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන සිදුකරන්න කාලය ප්‍රමාණවත් නැහැ.”

රට තුළ ගැහැණුන්ව පිළිගන්නා, ගෞරව කරන සංස්කෘතියක් ඇති කළ යුතු බව හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

මන්ත්‍රීවරිය එම කරුණු සඳහන් කර සිටියේ, ජාතික ජන බලවේගයේ කාන්තාවෝ සංවිධානය විසින් අද (04) කැඳවා තිබු මාධ්‍ය හමුව අමතමිනි.

එම සංවිධානයේ විධායක සභිකාවියන් වන සමන්මලී ගුණසිංහ සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය.

cfgbdrr 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්