සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අතර

ජුනි 06 දා පැවැත්වීමට යෝජිත රූපවාහිනි සංවාදය සජීවී ලෙස විකාශය කිරීම සඳහා පහසුකම් සැපයීමට සුදානම් බව ස්වාධීන රූපවාහිනී සේවය (ITN) දෙපාර්ශවය වෙත දැනුම්දී ඇත.

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය වෙතම ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

2024-03-21 වන දින පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර ප්‍රසිද්ධ විවාදයක් පැවැත්විය යුතු යැයි යෝජනා කරන ලදී.

එම ප්‍රවෘත්තිය ස්වාධීන රූපවාහිනී සේවයේ දිවා ප්‍රවෘත්ති විකාශය ඔස්සේ හා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ද විකාශය විය. ඒ අවස්ථාවේදී එවැනි විවාදයක් පැවැත්වීම සංවිධානය කොට විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනී සේවය සූදානම් බවද එම ප්‍රවෘත්ති විකාශයන්හිදීම ප්‍රකාශ විය.

මෙයට අමතරව එනම් 2024-03-21 වන දින සජීවී ලෙස විකාශය වූ "තුලාව" කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහනහිදීද එවැනි විවාදයක් සදහා පහසුකම් සැපයීමටසූදානම් බව ITN නාලිකාව ප්‍රකාශ කර සිටියේය.


මේ සම්බන්ධව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ඇති කැපවීම පිළිබඳව පසුගිය මාස 02ක කාලය තුළ තම ප්‍රවෘත්ති විකාශයන් තුලදී සඳහන් කර ඇති බව සිය ලිපියෙන් පෙන්වාදී ඇති  ITN සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, 2024 ජුනි මස 06 වන දින රාත්‍රී 10.00 සිට සිය මාධ්‍ය ආයතනය සතු HD මැදිරියේදී එම විවාදය පැවැත්වීමට පහසුකම් සලසා ඇති හෙයින් එම අවස්ථාවට සහභාගී වන ලෙස සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක දෙදෙනාගෙන් ගෞරව පුර්වකව ඉල්ලා සිටියි.


මෙම විවාදය සම්බන්ධීකරණය සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්) සුධර්මන් රදලියගොඩ නම්කර ඇතැයි ද ITN සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

කථිකයින් දෙදෙනා වෙත යොමුකරනු ලැබූ පිටපතක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න වෙත ද යොමුකර ඇත.

jjhzjslkfde

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්