යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ බලාපොරොත්තුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අවසන් අවස්ථාව මෙය විය හැකියයි ද උන්වහන්සේ කීහ.

එහෙත් ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයා සහ රාජපක්ෂ නඩයම පන්නා දැමීමට කටයුතු කරන බවද පැවසූ උන්වහන්සේ, වර්තමානයේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙමින් ඒ අනුව සියල්ල විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇතැයිද කීහ.

රතන හිමියෝ මේ බව කියා සිටියේ රජයට එරෙහිව කොළඹ පැවති විරෝධතාවයකට සහභාගිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි

lankadeepa.lk - ආරියරත්න රණබාහු)

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්