ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදු කළ පහරදීමකින් තම පියාගේ පාදයක් බිඳී ඇතැයි

පවසමින්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ගේ පුත්‍රයා අද කොටුව පොලීසියට පැමිණිල්ලක් කළේ ය.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අවධාරණය කළේ, තමන් කිසිදු පහරදීමක් සිදු නොකල බවයි.

ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇත.

අද (4) කොටුව පොලීසියට පැමිණිල්ලක් කරමින් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පවසා ඇත්තේ, සිද්ධියෙන් පසුව රෝහල්ගත කළ තම පියාගේ පාදයේ සැත්කමක්ද සිදුකල බවයි.

මේ සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කළේ, තමා කිසි ලෙසකින්වත් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදීමක් සිදු නොකළ බවයි.

මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අතරතුර තමන්ට දිගින් දිගටම චෝදනා එල්ල කළ බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසුවේ ය.

රැස්වීමෙන් අනතුරුව දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වූ බවත්, එය සමතයකට පත් කිරීමට අසළ සිටි පිරිස උත්සහ කිරීමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා වැටුණු බවත්, අලුත්ගමගේ මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්