The Leader News
BREAKING
ඥානසාර හිමි නිදහස් කිරීමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි●ඥානසාර හිමිට සමාව දීමට දිලිත්ගෙන් ජනපතිට යෝජනාවක්●නවසීලන්ත වැඩ වීසා ක්‍රමයට දැඩි සීමා පැනවීමේ සූදානමක්●බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නව ඉතිහාසයක්: AI කටහඬින් සැකසුණු පළමු දේශනය●අහසේ කරණම් ගසන ටෙස්ලා රෝඩ්ස්ටර්: තාක්ෂණික විප්ලවයක්ද?●හෙග්සෙත්ගේ සජීවී විකාශන සැලසුම ජනපති ට්‍රම්ප් නවත්වයි●කාවන්තිස්ස හස්තිරාජයා දැයෙන් සමුගනී: අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය●යුක්‍රේන ඩ්‍රෝන සීමා කිරීමේ නියෝගය ධවල මන්දිරයෙන් බව හෙළිවෙයි●සුපර් ලීග් තරග ජනතාවට සමීප කරන්න ශ්‍රී ලංකා පාපන්දු - Dialog Play හවුලක්●FIFA ලොක්කා ඉන්ෆන්ටීනෝ සමාව ගනී: පුටුවත් අස්ථිරයි!●
Top Ad
පුවත්

අවුරුදු ගණනකට පසු දෙමළ ජනතාවට බාර දුන් උතුරේ ඉඩම්වල ‘බිම් බෝම්බ’

T

The Leader Desk

June 5, 2024 • 6:14 AM

අවුරුදු ගණනකට පසු දෙමළ ජනතාවට බාර දුන් උතුරේ ඉඩම්වල ‘බිම් බෝම්බ’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මත්තෙන් ඉඩම් හිමියන්ට එහි ඇතුළුවීම නැවත තහනම් කර තිබේ.
  • සේනාධිනායකයා ද වන ජනාධිපතිගේ උතුරේ නියෝජිතවරිය විසින් එම තහනම පනවා ඇත්තේ මුළු භූමියෙන් 200න් පංගුවක පමණ බිම් බෝම්බ පැවැතිය හැකි බවට සැක මතු කරමිනි.
  • චාල්ස් විසින් මැයි 7 වැනිදා ආරක්ෂක බලධාරීන් හමුවී ඉල්ලීමක් කිරීමෙන් අනතුරුවයි.
  • ප්‍රවේශ මාර්ග විවෘත කරන මොහොත වන විට එම භුමිය බිම් බෝම්බ වලින් තොර කළාපයක් ලෙස රජයේ ආරක්ෂක අංශ විසින් තහවුරු කර තිබුනේදැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කර නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

මත්තෙන් ඉඩම් හිමියන්ට එහි ඇතුළුවීම නැවත තහනම් කර තිබේ.

සේනාධිනායකයා ද වන ජනාධිපතිගේ උතුරේ නියෝජිතවරිය විසින් එම තහනම පනවා ඇත්තේ මුළු භූමියෙන් 200න් පංගුවක පමණ බිම් බෝම්බ පැවැතිය හැකි බවට සැක මතු කරමිනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මාර්තු 22 වැනිදා හමුදා ග්‍රහණයෙන් මුදා හරින ලද තෙල්ලිපලෙයිහි අක්කර 234.8 ක භුමියෙන් වර්ග අඩි 55000 ක ප්‍රදේශයක් තුළ බිම්බෝම්බ තිබිය හැක බවට මතුවු සැකයක් මත ජුනි 10 වැනිදා තෙක් සමස්ත භුමියට ඇතුල්වීම උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් මැයි 30 වැනිදා සිට තහනම් කර ඇති බවයි.

 

Land Photo 3


ඉඩම් නිදහස් කිරීමෙන් මාස එක හමාරකට පසුව එහි හිමියන්ට භුමියට පිවිසීමට පහසු වන පරිදි ප්‍රවේශ මාර්ග විවෘත කර දී තිබුනේ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් විසින් මැයි 7 වැනිදා ආරක්ෂක බලධාරීන් හමුවී ඉල්ලීමක් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රවේශ මාර්ග විවෘත කරන මොහොත වන විට එම භුමිය බිම් බෝම්බ වලින් තොර කළාපයක් ලෙස රජයේ ආරක්ෂක අංශ විසින් තහවුරු කර තිබුනේදැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කර නැත.

පසුගිය අප්‍රේල් මාසයේදී ආණ්ඩුකාරවරිය සදහන් කර තිබුනේ පූනකරි සහ මුහමාලෙයි ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවත් සිදුකිරීමට පවතින බවයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ඉඩම් නිදහස් කර මාස දෙකකටත් වැඩි කාලයකින් පසුව බිම් බෝම්බ පවතින බවට සැක මතු වු තෙල්ලිපලෙයි, ඔට්ටගපුලම්  භුමියේ තාක්ෂණික පරීක්ෂණ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආරක්ෂක අංශ සමග එක්ව මේ  වන විටත් ආරම්භ කර ඇති බවයි.

 

Jaffna Land Releasing Land SFHQ 15


යාපනයේ සංචාරයක යෙදී සිටියදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දෙමළ ජනයාට අයත් වලිකාමම් උතුරේ තෙල්ලිපලෙයි ඔට්ටගපුලම් ප්‍රදේශයේ අක්කර 234.8 ක භුමියක් හමුදා ග්‍රහණයෙන් මුදා හැරීමට කටයුතු කර තිබුනේ මාර්තු 22 වැනිදා  යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති ‘උරුමය’ වැඩසටහනේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට සමගාමීව පලාලි ගුවන් හමුදා කඳවුරේ දීය.

යාපනය ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ විසින් එදින ජනාධිපතිවරයා අත පත් කරන ලද ඉඩම් නිදහස් කිරීමේ නිල ලිපි ලේඛන, අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යාපනය දිසාපති මරුදලිංගම් ප්‍රදීපන් ට භාර දී තිබුනි.

ඒ අනුව වලිකාමම් උතුර ප්‍රාදේශීය කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් පහකට අයත් අක්කර 234 ක් මෙලෙස සාමාන්‍ය ජනතාවට ලබාදීම සිදු කෙරුණු අතර එම ඉඩම් රජයේ කෘෂි නවීකරණ වැඩසටහනට සමගාමීව කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.

එලෙස නිදහස් කර තිබුනේ වාසවිලාන් නැගෙනහිර (J/244), වාසවිලාන් බටහිර (J/245), පලාලි උතුර (J/254), පලාලි නැගෙනහිර (J/253), පලාලි දකුණ (J/252) යන ග්‍රාම නිලධාරී කොට්ඨාස යටතේ අක්කර 234.8ක  භුමියකි.

මෙහි පදිංචි පවුල් 327ක් තම ඉඩම් හිමිකම් ලියාපදිංචි කර ඇති අතර ඒ අතරින් පවුල් 171ක් තම ඉඩම් සලකුණු කර එළිපෙහෙළි කිරීම ආරම්භ කර ඇති බව උතුරු පළාත් සභා වෙබ් අඩවියේ සදහන්ය.


ලෝක බිම්වෙඩි දින ජාතික උත්සවය

කිලිනොච්චිය මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 6 වැනිදා පැවැති ලෝක බිම්වෙඩි දින ජාතික උත්සවයට සහභාගී වෙමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කර තිබුනේ 2028 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ හා පුපුරා නොගිය යුද්ධෝපකරණ වලින් තොර රටක් බවට පත් කරන බවයි.

 

Land photo 02

 

උතුරු නැගෙනහිර දෙපළාත තුළ බිම් බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව ඇත්තේ කිලෝමීටර් 23 ක පමණ ප්‍රමාණයක් බව පැවැසු ඔහු එම ප්‍රදේශ මොනවාදැයි පැහැදිලි කර තිබුනේ නැත.

බිම්බෝම්බ තිබූ සමස්ත භූමියෙන් කිලෝමීටර් 1340.87 ක ප්‍රදේශයක බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එම ප්‍රදේශයෙන් බිම්බෝම්බ 2,492,081 ක් සොයාගෙන විනාශ කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුනි.

එම උත්සවයට සහභාගී වු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් සදහන් කර තිබුනේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ  වලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කළ හැක්කේ 2030 වසරෙන් පසුව බවට ස්ථාවරයක් තිබූ නමුත්, මේ වසර අවසන් වන විට බිම් බෝම්බ ඉවත් කර එම ඉඩම් මුල් අයිතිකරුවන්ට භාර දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...