යෝජිත විදුලිබල පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් සර්ව ජනබලය පාර්ලිමේන්තුව වටරවුම අසල විරෝධතාවයක් පවත්වනු ලැබීය.


ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන "සර්වජන බලය" එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව 07ක් ඊට සහභාගී විය.

නව විදුලි පනත මගින් විදුලිබල මණ්ඩලය අහෝසි කෙරෙන බවත් බාහිර රටවලින් විදුලිය මිලදීගැනීම සඳහා එම පනත මගින් ප්‍රතිපාදන සලසා ඇති බවයි සර්ව ජනබලය පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඉන්දියාවේ බලශක්ති පද්ධතිය සමග ශ්‍රී ලංකාවේ බලශක්ති පද්ධතිය ඒකාබද්ධ කිරීමේ හැකියාව ලැබෙන බවත් එවිට ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතියට ඉන්දියාවේ අනුකම්පාවට යටත්ව ක්‍රියා කිරීමට සිදුවන බව එම උද්ඝෝෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සර්වජන බලය දේශපාලන එකමුතුවේ නායකයෝ අවධාරණය කළේය.

රටේ බලශක්ති සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා නීතිය මඟින් ප්‍රතිපාදන සලසා තිබූ රටක එම නීතිමය ප්‍රතිපාදන පවා ඉවත් කර සමස්තය  පුද්ගලීකරණය කිරීම මගින් රටේ ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක්වන බව ඉතා පැහැදිලි බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

saarvabala 1saarvabala 2saarvabala 3

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්