රුසියානු හමුදාවට සම්බන්ධ වෙලා යුක්රේනයට විරුද්ධව සටන් කරමින් ඉන්න අතරේ දනේත්ස්ක් (Donetsk) නගරයේදී

තුවාල ලැබූ සෙබලෙක් දැන් මාස එකහමාරක් විතර රෝහලේ.

ඔහු මුලින්ම දනේත්ස්ක් පළාතේ රෝහලකට ඇතුළු කළ රුසියානු හමුදාව ඔහුගේ තත්වය බරපතල නිසා මේ වෙනකොට ඔහු රෝහල් හතරකට මාරු කරලා. දැන් ඔහු ඉන්නේ රුසියාවේ ප්‍රධානම හමුදා රෝහලක.

සති හයකට විතර පස්සෙත් තාමත් ඔහුට ඇවිදින්න බැහැ. වම් අතේ ඇඟිලි නවන්නත් බැහැ. අසනීප නිසා දැනට යුද පෙරමුණට නොගියත් අවුරුද්දක් කොන්ත්‍රාත්තුවක් අත්සන් කරලා තියෙන නිසා ආයෙත් යුද පෙරමුණට නොයවාවි කියල guarantee එකකුත් නෑ.

සටන්වලදී තුවාල ලබපු මේ වගේ විශ්‍රාමික ශ්‍රී ලාංකික සොල්දාදුවෝ ගණනාවක් මේ වෙනකොට ලුගාන්ස්ක්, දනේත්ස්ක්, සෙන්ට් පීටර්ස්බර්ග්, හර්කොෆ් වගේ නගර ගණනාවක රෝහල්වල ඉන්නවා. ඔවුන් ගැන සොයා බලන්න රුසියාවට ආපු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ජේ සී අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා සජබ මන්ත්‍රී කණ්ඩායම කියන විදියට රෝහල්ගතව ඉන්න පිරිස 10ක්. සමහරවිට අපි දන්නේ නැති තවත් අයත් ඇති.

මේ වීඩියෝවේ ඔබට ඇහෙන්නේ රෝහල්ගතකොට සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවෙක් සංදේශයට කතා කරලා කරපු බැගෑපත් ආයාචනයක්.

 මේ සොල්දාදුවෝ හැමෝම කියන්නේ ආයෙත් යුද පෙරමුණට නම් යන්න බෑ කියල. ආණ්ඩුවේ දූත පිරිස අද මොස්කව් නගරයට ඒවි කියල ඔවුන් ලොකු බලාපොරෝත්තුවකින් මග බලාගෙන හිටිය.

ඒ ගමනත් ප්‍රමාද වුණාම ඔවුන් කරන්නේ, කියන්නේ මොකක්ද කියල හිතාගන්න බැරුව අසරණ වෙලා.    

මේ අතර රුසියාවට ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ඒ එම් අම්සා සහ සෙන්ට් පීටර්ස්බර්ග් හි සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා මුණ ගැහිලා මේ සොල්දාදුවන් ආයෙත් ලංකාවට පිටත් කරන්න කටයුතු කරන මෙන් ඉල්ලීමක් කළා.

ඔවුන් තුවාල වෙලා ඉන්න සොල්දාදුවන් එක්කත් දුරකතනයෙන් කතාකරලා කරුණු විමසුවා. කොහොම වුණත් ප්‍රතිකාර ලබන සොල්දාදුවෙක් මුණ ගැහෙන්න සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ හමුදා රෝහලකට ගිය වෙලාවේ රෝගියා බලන්න ඔවුන්ට බලධාරීන්ගෙන් අවසර ලැබුණේ නැහැ.

Saroj Pathirana(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්