ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කිරීමට ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියන්
සිදුවූ සේවාව අති මහත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ  ඉදි වූ  ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකජී විහාරස්ථානයට වසර 40 පිරීම නිමිත්තෙන් පැවති උත්සවයට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

 ජපන් භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති ජපාන සමාජයේ සම්මානයට පාත්‍රවූ බානගල උපතිස්ස නාහිමියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ.
 
hdkl3
එම සුබ පැතුම් පණිවිඩය නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

ජපානයේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ඉතාමත්ම සුවිශේෂී දිනයක් වූ ජපානයේ  ඉදි වූ  ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකජී විහාරස්ථානයට වසර 40 පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී එම විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳ ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශකීල් සිද්ධිකි මහතා රචනා කළ ග්‍රන්ථය  සිද්ධිකී මහතා සහ එහි ප්‍රකාශක නුවන් මැදගේ යන මහත්වරු ලංකජී විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ට පිරිනැමූහ.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ජපාන පාර්ලිමේන්තුවේ කතෝරි ප්‍රදේශයේ මහජන නියෝජිත යතගාවා හජීමේ මහතා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා  ද කතෝරි නගරාධිපති  Maeda masayuki  ද  ජපානයේ මහායාන විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා ද ජපානය වෙසෙන ශ්‍රී ලංකිකයෝ ද විශාල පිරිසක් එක් වූහ.

බෞද්ධවසර දහසකට වඩා පැරණි බෞද්ධ ඉතිහාසයක් ඇති ජපානයේ ඉදි වූ ප්‍රථම ථේරවාදී විහාරස්ථානයට වසර හතළිහක් සම්පූර්ණ වේ.
 
1984
1984 මැයි මස 24 වැනි දින එවක ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් විවෘත කළ ජපානයේ ලංකා ජී විහාරස්ථානයට වසර හතළිහක් සම්පූර්ණ වීම නිමිතිකොට ගෙන පැවැත්වෙන උත්සවය ජුනි 02 දා පස්වරුවේ නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ සහ ජපාන පාර්ලිමේන්තුවේ කතෝරි ප්‍රදේශයේ මහජන නියෝජිත යතගාවා හජීමේ ගේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

විහාරස්ථානයට පැමිණි ආරාධිතයන් ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් පසු ශ්‍රී ලාංකේය නර්තන කණ්ඩායමක් විසින් උත්සව සභාව වෙත රැගෙන යනු ලැබීය. මෙම නර්තන කණ්ඩායම ජපානයේ ජීවත්වන තරුණ අයවීම මෙහි ඇති විශේෂත්වයයි.

උත්සව සභාව ආරම්භ කරමින් පැමිණ සිටි පිරිස පිළිගැනීම පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් සිදුකළහ.
 
hkldjfee
අනතුරුව ජපානයේ සවරා ලංකජී විහාරය පිළිබඳව නිර්මාණය කළ වෙබ් අඩවිය ජනගත කිරීම සහ ලංකජී විහාරය පිළිබඳ ඉන්දියාවේ ජෙෂ්ඨ මාධ්‍යවේදී ශකීල් සිද්දිකි මහතා රචනා කළ ග්‍රන්ථය බානගල උපතිස්ස නා හිමියන්ට සහ පැමිණි ආරාධිතයන්ට පිරිනැමීම සිදුකෙරින.

ඉන්පසු ජපානයේ මහයාන බෞද්ධ  විහාරස්ථාන නියෝජනය කරමින් පැමිණි භික්ෂුන් වෙනුවෙන් රයිකෝජි විහාරයේ විහාරාධිපති  (Ven.Kasajima Soshin) පූජ්‍ය කසජිමා සොෂින් ස්වාමීන් වහන්සේ අනුශාසනාවක් පැවත්වමින් කියා සිටියේ,මෙම.ලංකජි විහාරය ලාංකික බෞද්ධයන්ට.පමණක් නොව ජපානයේ මහයාන බෞද්ධයන්ට ද ඉමහත් සේවයක් කරන පුදබිමක් බවය.

පසුව විහාරස්ථානීය දායක සභාව වෙනුවෙන් ජගත් රාමනායක මහතා ද ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා කතා කරමින් කියා සිටියේ,මෙම විහාරය හදන මුල් සමයේ තමන් ශ්‍රමදාන වලටද සහභාගි වූ බවත් මෙම විහාරය තුළින් ශ්‍රී ලංකා පිළිබඳ  ගෞරවනීය චිත්‍රයක් බිහි කළ බවය.

අතීතයේ ටෝකියෝ ගුවන් තොටුපොලෙන් ලංකාවෙන් පැමිණෙන තරුණයෙකු ටෝකියෝ නගරයට යන මාර්ගය ඇසූවිට දෙන උත්තරය වන්නේ වමට යන ලෙසත් අනිත් පැත්තට ගියත් ඔබට කරදරයක් පාඩුවක් නොවන බවය. මන්ද ඒ පැත්තේ ඇත්තේ ලංකා ජී විහාරය නිසාය.

1862 ප්‍රථම වරට ජපාන භික්ෂුවක් ලංකාවට පැමිණ ඇත. ඒ ආසන්න කාලයේදීම අනගාරික ධර්මපාලතුමා අද ජපානයට ආවා. සමහර ජපන් ජාතිකයන් අපේ රටට පැමිණ ථෙරවාදී ශාසනයේ පැවිදි වී තියෙන බවට වාර්තා තියෙනවා. කෙසේ වුවත් අනගාරික  ධර්මපාලතුමාගේ සිහිනය සැබෑ කරමින් මෙම විහාරය ජපානයේ  ඉදිවීම ලාංකික බෞද්ධයන්ගේ සැබෑ ජයග්‍රහණයක් බව ජපානයේ  ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළේ නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය  ප්‍රසන්න රණතුංග ය.

කතෝරි ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  මෙයිඩා මසයුකි (Meada Masayuki)  ද ජපානයේ පිහිටි ස්වාමි විවේකානන්ද ඉංදීය සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා සහ තානාපති කාර්යාලයේ ⁣පළමු ලේකම් කනිකා අග්‍රවාල් (Kanika Agrawal)  ද ජපානයේ වියට්නාම් තානාපති  සොයි හන් (Soe Han) ද අදහස් දැක් වු පසු ශ්‍රී ලංකාවේ දක්ෂ හිටිවන කවියෙකු වන තුෂාර හෙට්ටිආරච්චි කවි කතාව කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සුභාෂිංශන පණිවිඩය රංජිත් වීරසිංහ ඉදිරිපත් කළේය.
 
ජපානයේ වෙසෙන තරුණයන් ඉදිරිපත් කළ බානගල උපතිස්ස නා හිමි අභිනන්දන ගීතය  ගායනා කළේය.
 
පැමිණි පිරිස වෙනුවෙන් දන්සැල් රැසක් ද විහාරස්ථාන පරිශ්‍රයේ දි පැවැත් වුණි.

( ජේ මුණසිංහ)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්