මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම්ගේ නාමය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ

පුද්ගල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.

රජය විසින් වසර දෙකකට ආසන්න කාලයක් ඔහුගේ නාමය එම ලේඛනයට ඇතුලත් කර තිබුනි.

2024 මැයි 25 වැනිදා  ආරක්ෂක අමාතාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින්  නිකුත් කරන ලද  අංක 2387/02 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයේ පුද්ගලයන් 210 කගේ සහ සංවිධාන 15 ක නම් ඇතුලත්ව ඇත.

"කලින් කලට සංශෝධිත සහ 2023 ජුනි මස 8 වැනි දින අංක 2335/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, ලැයිස්තුවට කරන ලද සංශෝදන මගින් අවසන් සංශෝධිත, 2014 මාර්තු මස 21 වන දින අංක 1854/41දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ අස්ථිත්ව ලැයිස්තුව එහි උපලේඛන ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන උපලේඛන ආදේශ කිරීම මගින් තවදුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ,"  යි එම අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන්ව තිබේ.

2023 ජුනි මස 8වැනිදා ආරක්ෂක අමාතාංශයේ ලේකම් කමල් ගුණරත්න විසින්  නිකුත් කරන ලද  අංක 2335/16 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින්  පුද්ගලයන් 301 ක් හා සංවිධාන 15 ක් නම් කර තිබුනි.


ඒ අනුව පසුගිය වසරේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගල ලැයිස්තුවට ඇතුලත්ව සිටි අහ්නාෆ් ජසීම් ඇතුළු 91 දෙනකුගේ නම් ඉවත් කිරීමට ආරක්ෂක අමාතාංශය පියවර ගෙන තිබේ.


2022 වසරේ අගෝස්තු මස පළමුවැනිදා  ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින්  නිකුත්කළ අංක 2291/02 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින්  පුද්ගලයන් 15ක් හා සංවිධාන 316 ක් නම් කර තිබු අතර අහ්නාෆ් ජසීම්ගේ නම මුල්ම වරට එයට ඇතුල කර  තිබුනි.

අහ්නාෆ් ජසීම්ගේ නාමය කිසිදු හේතුවක් නොදක්වා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගල ලැයිස්තුවට ඇතුල් කිරීම නිසා ඔහුට රැකියාවක් පවා සොයා ගත නොහැකි තත්වයක් උද්ගත වීමෙන් සිය ජීවිතය රැක ගැනීම සදහා ගොවිතැන් කටයුතු කිරීමට සිදු විය.



2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමින්  2020 මැයි 16 දා පන්ඩාරවේලියේ පිහිටි ඔහුගේ නිවසේදී  අත් අඩංගුවට ගන්නා ලද අහ්නාෆ් ජසීම්  ජාත්‍යන්තර මානව හිමිකම් වල විරෝධය නොතකා  දින 579ක් සිරගත කොට තිබුනේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමිනි.

 

අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර යැවීමෙන් පසුද වසරකට වැඩි කාලයක් ඔහුගේ නම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගල ලැයිස්තුවට ඇතුලත්ව තිබුනි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්