ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ රිට් පෙත්සම ඊයේ (05) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.

මෙහිදී පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

එසේ තිබියදී පෙත්සම්කරු දිගින් දිගටම පොදු දේපොළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීමට අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

පොදු දේපොළ පනත යටතේ යම් සැකකරුවකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාව ලැබෙන්නේ නඩු විභාගය ආරම්භවීමෙන් පසුව මහාධිකරණයට පමණක් බවත්, මෙම නඩුකරයට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය තම සේවාදායකයා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දුන් නියෝගය නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකාබැලීම මේ මස 10 වනදා තෙක් කල් තැබීය.


(adaderana.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්