පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පසුගිය සඳුදා (ජුනි 03) 'හිරු' රුපවාහිනී නාලිකාවේ 'සලකුණ' සජීවී වැඩසටහනේදී හමුදාව සහ පොලිසියට බරපතළ අපරාධ චෝදනාවක් එල්ල කළේය.


එම චෝදනාවලට පදනම් වුයේ, 2022 මැයි 09 වෙනි දින රට තුළ උද්ගතවූ කැරලිකාරී තත්වයයි. 

“සියල්ල සිදු කළේ හමුදාව හා පොලිසිය බලං සිටියදී. බලං ඉඳිද්දී හුඟක් ගෙවල් ගිනි තියනකොට හමුදා, පොලිසිය බලන් හිටියා,'' යයි ඔහු එම වැඩ සටහනේදී නැවත නැවතත් අවධාරණය කළේය.

හමුදාව හා පොලිසියේ කටයුතු සොයා බැලීමට කමිටුවක් පත්කරන ලෙස එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීම අනුව කරන්නාගොඩ කමිටුව පත් කළ බවත්, එම කමිටු වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව මේ දක්වා අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන නැති බවත් පොහොට්ටු ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්