නව සන්ධානයේ ප්‍රථම ඒකාබද්ධ ජන රැළිය ජූනි මස 08 දින පස්වරු 2.00 ට අම්බලන්තොට නගර මධ්‍යයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ.


මෙම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් සංවිධානය කරනු ලබයි.

''රට හදන පෙරමුණට - ⁣රොඳ බදින ජන ගඟ'' ලෙස නම්කර ඇති මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇත.

නව සන්ධානය ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව නව සන්ධාන වැඩපිළිවෙළ වඩාත් සංවිධානාත්මක ක්‍රියාත්මක වෙමින් තිබෙන බව එම සන්ධානයේ ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසයි.

ඉදිරියේදී තවත් පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සම්බන්ධ කර ගනිමින් දැවැන්ත හා පුළුල් සන්ධානයක් ගොඩනගන බව ද ඔහු සඳහන් කරයි.


447815594 1011781726977152 2131138484155221474 n

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්