අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් අරමුදල් අවශ්‍ය බවත් ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික අධ්‍යාපනය සඳහා අරමුදල් අවශ්‍ය වුවත් ඒ සඳහා රාජ්‍ය

ආදායම ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

රාජ්‍ය ආදායමට අමතරව සුපුරුදු රාමුවට කොටු නොවී නව ක්‍රමවේද හරහා අධ්‍යාපනය දියුණු කළ යුතු බවට සමගි ජන බලවේගය විශ්වාසය පළ කරයි.

සක්වල හා හුස්ම යනු එවැනි වැඩසටහන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ පැවැති අධ්‍යාපනය සම්බන්ධ විවාදයට එක්වෙමින් කියා සිටියේය.

සමගි ජන බලවේග රජයක් තුළ රාජ්‍ය නොවන පෞද්ගලික ධානපතින් සම්බන්ධ කර ගෙන නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනා බවත් නිදහස් අධ්‍යාපනයේ ඇති පාසල් 10096ක ඉගෙනුම ලබන 41 ලක්ෂයක දූදරුවන් හා ධානපතියන් සම්බන්ධ කර පාසල් සංවර්ධන අධ්‍යාපන කැපකරු ක්‍රමයක් ඇති කරන බව ද ඔහු පැවසීය.

ප්‍රදේශයේ ධානපතියන් එයට උනන්දු කර දායකත්වය ලබා දෙන අතරතුර එම ධානපතියන්ට රජයෙන් සහනයක් ලබා දිය හැකි බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

අධ්‍යාපනයේ සම්පත් බෙදී යාමේ විෂමතාව බරපතල ගැටලුවක් බවත් ඇති හැකි පාසල් නැති බැරි පාසල් ලෙස කොට්ඨාස 2ක් ඇති නිසා මේ ගැටලුවට විසඳුමක් ලබා දිය යුතු යැයි හෙතෙම සඳහන් කළේය.

ඒ සඳහා රටේ පාසල් 10096 සුහුරු පාසල විය යුතු බවත් ළඟම පාසල සුහුරු පාසල, අපේ පාසල සුහුරු පාසල බවට පත් කළ යුතු බවට විපක්ෂ නායකවරයා යෝජනා කරයි.

එමෙන්ම ඒ සඳහා පවතින බරපතල මානව හා භෞතික සම්පත් ඌනතාව තුරන් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්