සමගි ජන බලවේග රජයක් යටතේ 13 වන සංශෝධනය ‍ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.


13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමේදී ඇතැම් නායකයන් බයේ පැනගිය බවත් ඇතැමුන් වෙනත් මාතෘකා පිළිබඳ කතාකළ බැවින් කෙලින් කතාකරන අයකු ලෙස තමන් බලයට පත්වූ පසු 13 වැනි සංශෝධනය ඒ අයුරින් ක්‍රියාත්මක කරන බවයි සජබ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

විපක්ෂ නායකවරයා එසේ පැවැසුවේ සක්වළ වැඩසටහන යටතේ කිලිනොච්චිය භාරතීපුරම් මහ විද්‍යාලයට ලබාදුන් රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සිංහල වුවත් දමිළ වුවත් බර්ගර් වුවත් මුස්ලිම් වුවත් එක මවගේ දරුවන් ලෙස අත්වැල් බැඳ ගෙන රට ගොඩ නැගීමට එකතු වන ලෙසට සජිත් ප්‍රේමදාස සියලු දෙනාට ආරාධනා කළේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්