ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ඉදිරියේ රාෂ්ට්‍රපතිභවන් හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ප්‍රමුඛ අසල්වැසි රටවල රාජ්‍ය නායකයින් ඔහු වෙත ඊයේ (09) රාත්‍රියේ උණුසුම් සුබපැතුම් එක් කළහ.

එහිදී දෙරට අතර බැදීම් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට දෙදෙනාම එකඟතාවය පළකර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ පස්වරුවේ ආරම්භ වූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අසල්වැසි රාජ්‍ය නායකයින් ඇතුලු විශේෂ ආරාධිත අමුත්තන් ඉදිරියේදි ය.

ආරාධිත අමුත්තන් 9000 ට ආසන්න පිරිසක් වෙනුවෙන් රාශ්ට්‍රපති භවන් ඉදිපස භූමියේ අසුන් පනවා තිබුනි.

 ආගමික නායකයන් නලුනිළියන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නියම කරගත් වේලාව් වූ රාත්‍රි 7.00 උත්සවය ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ආසන පනවා තිබුනේ මාලදිවයින් ජනාධිපති හා මුරුසි රාජ්‍යයේ අගමැති අතරය.

ඇමති මණ්ඩලය ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තුන් වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.

ඉන්දියාවට පැමිණ සිටින රාජ්‍ය නායකයන් නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමෙන් පසු විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැත්විනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සම්ප්‍රාප්තියට ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ කලාපයේ සෙසු නායකයන්ගේ ද මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද , සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයෝ  එක්ව සිටියහ.

මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්‍ඩ්‍රා පෙරේරා එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුලු රාජ්‍ය නායකයන් සමඟ සමූහ ජායාරූපයකට පෙනීසිටියේය.



india1india3

india4

(ශානුක කරුණාරත්න ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට..)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්