ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ නව සන්ධානයේ මංගල රැලිය ඊයේ (ජූනි 8) හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගර මධ්‍යයේදී පැවැත්විණි.


අමාත්‍ය මහින්ද අමරවීර විසින් සංවිධානය කළ එම රැලිය පැවැත්වුයේ ‘දිනුම රටට – එක්ව පෙරට’ යන තේමාව යටතේ ය.

මෙම ජන රැලිය සඳහා මහින්ද අමරවීර, නිමල් සිරිපාද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, එස්.එම් එස්.එම්. මුශාරෆ්, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, සුරේන් රාගවන්, ජෝන් සෙනෙවිරත්න, චාමර සම්පත්, ලසන්ත අලගියවන්න, උදයකාන්ත ගුණතිලක, ප්‍රියංකර ජයරත්න, ජගත් ප්‍රියංකර, අලි සබ්‍රි රහීම්, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජගත් පුෂ්පකුමාර, සුදත් මංජුල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූහ.

මිට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක හා තාරානත් බස්නායක ද හිටපු මහ ඇමතිවරයකු වන ඉසුරු දේශප්‍රිය ද හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන, ගුණසිරි ජයනාත්, ආනන්ද සරත් ද මෙම රැලියට එක්ව සිටියේය. 

මෙම රැස්වීම සඳහා 7000 කට අධික ජනතාවක් සහභාගිවී සිටි බව වාර්තාවේ. 

ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකින් යුතු පුළුල් සන්ධානයක් ගොඩනඟන බව සන්ධාන නායකයෝ ප්‍රකාශ කළහ.

 lanza 1

 lanza 2

lanza 3

lanza 4

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්