ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු ඡන්ද පවත්වා ඉන් ආසන 120 – 130 අතර ප්‍රමාණයක් දිනා ගන්නා බව ජාතික ජන බලවේගයේ නායකයා ප්‍රකාශ කර තිබේ.


සාමාන්‍ය ගොවි, ධීවර අම්මා තාත්තාගේ අලුත් තරුණ පරම්පරාවේ විශාල පිරිසක් එම ඡන්දයෙන් පාර්ලිමේන්තු වරම් ලබා ගන්නා බවයි අනුර කුමාර දිසානායක පවසන්නේ.

“ජනාධිපතිවරණයෙන් පසු අපි පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. දැන් ජාතික ජන බලවේගයට ඉන්නේ මන්ත්‍රීවරු තිදෙනයි. මේ සංඛ්‍යාව 120, 130 පන්නනවා. එයින් කියැවෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් සාමාන්‍ය ගොවි, ධීවර අම්මා තාත්තාගේ අලුත් තරුණ පරම්පරාවේ විශාල පිරිසක් එළඹෙන පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.”

තංගල්ලේ පැවති ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ රැලිය අමතමින් ඔහු මේ  බව කියා සිටියේය.

පළාත් පාලන අයාතනවලට මෙන්ම පළාත් සභාවලට දට වෙනස් කිරීමේ හැඟීමක් තිබෙන නැවුම් තරුණ පිරිසක් අවශ්‍ය බව මෙන්ම මෙතෙක් කල් කුණු වුණු, දූෂිත පවුල් සංස්ථාවට යට වුණු ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නැවුම් ක්‍රියාකාරිත්වයෙන් පිරෙන්න අවශ්‍ය බවයි ජජබ නායකයා අවදාරණය කරන්නේ.

“සැබැවින්ම මිනිසුන්ට ආදරය කරන, මාතෘ භූමිය එක්ක සැබෑ බැඳීමක් තිබෙන පරම්පරාවක් අතට දේශපාලන බලය ලබාදී නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරනවා. සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 වෙන කොට මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවණය පවත්වනවා. ඉදිරියට තිබෙන්නේ මාස හතරයි. ඒ කාලය තුළ වෙහෙස නොබලා වැඩ කිරීමෙන් නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමේ ස්ථාවරය අපි ලබා ගනිමු. ඉන් පසුව කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදෙන අපේ අම්මා තාත්තලාගේ ජීවිත සතුටින් පිරුණු ආදරය ලැබෙන තත්වයට පත්කරමු.”

රට අත්හැර යාමේ එකම සිහිනය තිබෙන තරුණ පරපුරට නව ජීවිතයක් ලබාදීමට කටයුතු කරන බව මෙන්ම තරුණ පරම්පරාව වෙනුවෙන් නව අනාගතයක් නිර්මාණය බවට ද ජාතික ජන බලවේගයේ නායකයා අනුර කුමාර දිසානායක සහතික විය.

(චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්