තොරතුරු තාක්ෂණික රැකියා දස ලක්ෂයක් ලබා දීමේ ඉලක්කය ඇතිව ක්‍රියාත්මක “ඩී.පී. සිලිකන් වැලි අයි.ටී. කාර්යාලයක්” හාතගල පුරාණ

විහාරස්ථානයේදී ඊයේ (09) නිල වශයෙන් විවෘත කිරීම ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. 

මේ සඳහා අවශ්‍ය අනුශාසකත්වය සහ මඟ පෙන්වීම හාතගල රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුව ඇතුළු ගිරුවාගම් දොලොස්දහස්රට ප්‍රධාන සංඝනායක අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ශාස්ත්‍රපති පල්ලේගම වංගීස නාහිමිපාණන් වහන්සේ විසින් ලබා දී තිබුණි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අධ්‍යාපනය ලබා දුන් ඓතිහාසික විහාරස්ථානයක සිය කාර්යාලයක් ආරම්භ කිරිමට හැකි වීම ගැන ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මෙහිදී සිය සතුට පළ කළේය.

“ශ්‍රී වික්‍රම රාජසිංහ රජුටත් අධ්‍යාපනය ලබා දුන් ඓතිහාසික විහාරස්ථානයක මේ වගේ කාර්යාලයක් විවෘත කරන්න ලැබීම මම භාග්‍යයක් විදියටයි සලකන්නේ. ඒ කාලෙ රජ්ජුරුවන්ටත් අධ්‍යාපනය ලබා දුන්නේ පන්සල් වලින් කියන එක මේකෙන් පැහැදිලියි. ඒකෙන් පේන්නේ ඒ කාලෙ තිබුණු අපේ පොහොසත් සංස්කෘතිය ගැනයි. පන්සලෙන් තමයි මේ පොහොසත් සංස්කෘතිය ගමට දුන්නේ.”

 

මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබු බොහෝ ළමුන් කොළඹින් පිට පළාත්වල දරුවන් බව මෙන්ම එම සියලුම ළමයි ඩී.පී. එඩියුකේෂන් හරහා අධ්‍යාපනය ලබා ගත් අය බව ද ඔහු කියා සිටියේය.

 

“ඔබ අතේ ස්මාට් ජංගම දුරකථනයක් තියෙනව කියන්නෙම ශ්‍රී ලංකාවෙ තියෙන හොඳම ඉස්කොලෙ ඔබ අතේ තියනව කියන එකයි. ලංකාවෙ හැමෝටම එකම විදියෙ අධ්‍යාපනය තියෙන්නෙ එතන. ඩී.පී. එඩියුකේෂන් එක්ක ඉන්නවනම් ළමයින්ව හොඳ පාසල් වලට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ”


බිබිල සහ නුවර ප්‍රදේශවල පොහොසත් සංස්කෘතියත් එක්ක යන පොහොසත් ගමක් නිර්මාණය කිරිමට හැකි බව කී ධම්මික පෙරේරා පාසල් අධ්‍යාපනය වගේම පිරිවෙන් අධ්‍යාපනයත් ලබා දිය හැකි ක්‍රම නිර්මානය කර ඇතැයි පැවසීය.
 
“පොහොසත් මිනිස්සු නැත්නම් පොහොසත් රටක් නැහැ. පොහොසත් රටක් හදන්න තියෙන හොඳම ක්‍රමය තමයි අධ්‍යාපනය ලබාදීම. ඒ නිසා හොඳ අධ්‍යාපනයක් තමන්ගේ ළමයින්ට ලබා දෙන්න.” යැයි ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා වැඩිදුරටත් ඉල්ලා සිටි.
 
“පොහොසත් සංස්කෘතියත් එක්ක යන පොහොසත් ගමක් අපිට හදන්න පුළුවන්. ඒ වගේ ගම්මාන දෙකක් බිබිල සහ නුවර ප්‍රදේශ වල මම හදල තියෙනවා.  පාසල් අධ්‍යාපනය වගේම පිරිවෙන් අධ්‍යාපනයත් ලබා දෙන්න අවශ්‍ය ක්‍රම වේදය මම හදල තියෙන්නෙ. ඒ වගේම ප්‍රාචීණ, ප්‍රාරම්භක, මධ්‍යම, පණ්ඩිත විභාග සඳහා වන අධ්‍යාපනයත් මම හදල තියෙනවා.  පිරිවෙන් 400කට මම මේ වන විට සුහුරු පන්ති කාමර හදල දීල තියෙනවා. ඉතුරු 400ටත් මම සුහුරු පන්ති කාමර ඉදිරියේදී හදල දෙනවා. 

ඒ වගේම මගේ තව බලාපොරොත්තුවක් තමයි ස්වාමීන් වහන්සේලා 5000ක් ධර්ම ප්‍රචාරණය සඳහා ලෝකෙ වටේ යවන්න. ඒකට අවශ්‍ය ක්‍රම වේදයත් මම දැන් හදල අවසන්.  පොහොසත් මිනිස්සු නැත්නම් පොහොසත් රටක් නැහැ. පොහොසත් රටක් හදන්න තියෙන හොඳම ක්‍රමය තමයි අධ්‍යාපනය ලබාදීම. ඒ නිසා හොඳ අධ්‍යාපනයක් තමන්ගේ ළමයින්ට ලබා දෙන්න යැයි” එතුමා පැමිණිසිටි දෙමාපියන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

අයි.ටී. කැම්පස් ව්‍යාපෘතිය තුලින් ශ්‍රී ලංකාවේ ජනිත කිරීමට අපේක්ෂිත තොරතුරු තාක්ෂණ රැකියා මිලියනයක් බිහි කිරීමේ වැඩසටහනට සවියක් වීම “ඩී.පී. සිලිකන් වැලි අයි.ටී. ඔෆිස් ” ස්ථාපිත කිරීමේ මූලිකම පරමාර්ථයයි.

(චතුරංග මේදිස්)

 dp ed 3
dp ed 79
dp ed78
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්