ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම්, ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව

දෙස්  විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Martin Guzman, මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jayathi Ghosh, එක්සත් ජාතීන්ගේ සහස්‍රක ව්‍යාපෘතියේ හිටපු කලාපීය අධ්‍යක්ෂ Charls Abugre, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Ahilan Kadirgamar ඇතුළු පිරිසක් අද (10) ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවති හමුවට එක්ව ඇත.

ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය අනුර කරුණාතිලක, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, චතුරංග අබේසිංහ, ඉංජිනේරු එරංග වීරරත්න, මහාචාර්ය උපාලි පන්නිලගේ සහ වරලත් ගණකාධිකාරි සුනිල්  ගමගේ යන අයවලුන් මෙම සාකච්ඡාවට සම්බන්ධ වු බව ජජබ නිවේදනය කරයි.

(චතුරංග මේදිස්)

ljkhdfe33

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්