බ්‍රිතාන්‍ය රජය විසින් ඉන්දීය සාගරයේදී මුදාගෙන රුවන්ඩාව වෙත යවන ලද සංක්‍රමණිකයන් පිරිසක් තමන් ලිංගික හිංසනයන් සහ

ප්‍රචණ්ඩත්වයට ගොදුරු වනු ඇතැයි යන බියෙන් පසුවන බව පවසා තිබේ.

එක්සත් රාජධානිය වෙත යන සරණාගතයින් රුවන්ඩාවට යැවීමේ මතභේදාත්මක සැලැස්ම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂ අතර බෙදීම් පැවතිය ද මෙම කුඩා සංක්‍රමණික කණ්ඩායම දැනටමත් වසරකට වැඩි කාලයක් එහි ජීවත් වෙයි.

ඒ අනුව, බීබීසීය ඔවුන්ගෙන් සිව් දෙනෙකු හමු වීම සඳහා නැගෙනහිර-මධ්‍යම අප්‍රිකාව බලා ගියේ ය.

මෙම කණ්ඩායම පවසන්නේ, ඔවුන්ට හුදෙකලා මෙන් ම අනාරක්ෂිත බවක් දැනෙන බව ත් සහ ඔවුන්ගේ සංකීර්ණ වෛද්‍ය අවශ්‍යතා [ඇතැම් අවස්ථාවල අතීතයේ සිදුවූ ස්ත්‍රී දූෂණ සහ වධහිංසාවලට පැමිණ වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ] ඉටු නොවන බව ත් ය. ඔවුන් සෑම කෙනෙකුට ම ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා සතියකට ඩොලර් 50කට (පවුම් 39) ආසන්න මුදලක් ලැබෙන නමුත් එක්සත් රාජධානියේ සහ රුවන්ඩා රජයන් විසින් එකඟ වනු ලැබ ඇති ඔවුන්ගේ රැඳී සිටීමේ කොන්දේසි යටතේ ඔවුන්ට රැකියාවක නිරත වීමට අවසර නොලැබේ.

ඔවුන් සිව් දෙනා ම පවසන්නේ, තමන් මහ මගදී හිරිහැරවලට සහ අනවශ්‍ය ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දුන් බව ය. යතාර්ථය දෙස බැලීමේදී ඔවුන් "ස්වයං-සිරගත වීමකට" ලක්ව සිටින බව ත් පිටතට යාමට බියෙන් පසුවන බව ත් ඔවුහු පවසති. ජීවත් වීමට ස්ථිර ස්ථානයක් එක්සත් රාජධානිය සොයා දෙනතුරු ඔවුහු බලා සිටිති. "රුවන්ඩාව කියන්නේ එළිමහන් සිර කඳවුරක්," යැයි එක් අයෙක් අප හා පැවසීය.

ශ්‍රී ලාංකික දෙමළ වැසියන් පිරිසකගෙන් සමන්විත මෙම කණ්ඩායම ඒ වෙත මාරු කර යවන ලද්දේ ඔවුන්ගෙන් තිදෙනෙකු සියදිවි නසා ගැනීමට තැත්කිරීමෙන් පසුව ය. හතරවන පුද්ගලයා සංක්‍රමණිකයන්ගෙන් එක් අයෙකුගේ පියෙකි. ඔවුහු දැන් හමුදා රෝහලෙන් පිටව ගොස් ඇති අතර බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් මුදල් ගෙවනු ලබන, රුවන්ඩාවේ අගනුවර වන කිගාලි නගරයට ආසන්න ප්‍රදේශයක පිහිටි මහල් නිවාස දෙකක ජීවත් වෙති.

Kigaliකිගාලි නගරය ආසන්නයේ ජීවත් වීම සඳහා මෙම සංක්‍රමණිකයින් වෙත මුදල් ගෙවනු ලබන්නේ එක්සත් රාජධානිය විසිනි

 

රුවන්ඩාව තුළ ඔවුන්ට ඇති නීතිමය තත්ත්වය එක්සත් රාජධානියේ සිට ඍජුව ඒ වෙත ගමන් කරන සරණාගතයින් වෙනුවෙන් හිමි වන නීතිමය තත්ත්වය හා සමාන නොවේ. නමුත් ඔවුන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයෙකු පවසන්නේ, "දැඩි අවදානමට ලක්විය හැකි සරණාගතයින්" සඳහා ආරක්ෂිත ස්ථානයක් ලබා දීමට රුවන්ඩාවට ඇති හැකියාව පිළිබඳව තම සේවාදායකයින්ගේ "ඍණාත්මක අත්දැකීම් බරපතළ කණස්සල්ලක් ඇති කරන" බව ය.

රුවන්ඩාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක බීබීසීයට පැවසුවේ, තම රටේ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි ඇයට "පූර්ණ විශ්වාසයක්" ඇති බව ත් පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව සංක්‍රමණිකයන් මතු කරන ගැටලු එරට අනෙක් පුද්ගලයින් වෙතින් අසන්නට නොලැබෙන බව ත් ය. "විදේශික ජනගහනය මෙහේ හොඳින් ජීවත් වෙනවා," ඇය තවදුරටත් පැවසුවා ය.

අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා, මෙම සංක්‍රමණිකයන්ගේ නම් වෙනස් කර ඇත.

මෙම සිව්දෙනාගෙන් කිසිවෙකු හෝ එක්සත් රාජධානියට ඇතුළු වීමට උත්සහ කළේ නැත. ඒ වෙනුවට ඔවුහු එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ රහසිගත හමුදා කඳවුරක් ලෙස භාවිත කරන ලද ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දූරස්ථ බ්‍රිතාන්‍ය භූමි ප්‍රදේශයක් වන දියෙගෝ ගාර්සියා වෙතින් සරණාගතභාවය සඳහා ඉල්ලීම් කළහ.

මීට පෙර බීබීසී වාර්තා කළ පරිදි, ඔවුහු 2021 ඔක්තෝබර් මාසයේදී මෙම දිවයිනට පැමිණි විශාල පිරිස අතර සිටි පුද්ගලයින් වූහ. ඔවුන් කියා සිටියේ, ඔවුන් තාඩන පීඩනවලට ලක් වීම හේතුවෙන් පළා යන බව ත් සරණාගතභාවය ඉල්ලා කැනඩාවට යාත්‍රා කිරීමට උත්සහ කරන බව ත් ය.

රුවන්ඩාවේදී අපට මුණගැසුණු සිව් දෙනා පැවසුවේ, ඔවුන් තම මව් රටවලදී වධහිංසාවලට සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ බව ය. ඉන් සමහරක් වසර 15කට පෙර ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් පරාජයට පත් වූ දෙමළ කොටි සංවිධානය සමග පැවති අතීත සබඳතා හේතුවෙනි.

zdfw345

කාර්තික් සහ ඔහුගේ දියණිය ලක්ෂානි පවසන්නේ, ඔවුන් හුදෙකලා වී සිටින බව ත් පිටතට නොයන බව ත් ය.

 

නිශ්ශබ්දතාවයෙන් පිරී ගිය අපිරිසිදු මාර්ගයක පිහිටි නිදන කාමර දෙකකින් යුත් මහල් නිවාසයක ජීවත් වන අලග පවසන්නේ, ඔහු දරුණු පශ්චාත් කම්පන ආතති ආබාධ තත්ත්වයකින් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර ඔහුගේ අනාගතය පිළිබඳව ඇති අවිනිශ්චිතතාවය සහ ඔහු සිටින හුදෙකලා තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින බව ය.

"අපිට හරියට වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. අපිට මානසික ප්‍රශ්න තියෙනවා," 23 හැවිරිදි ඔහු පවසයි. "මොන වෙලේ අපි ගිහින් අපේ ප්‍රශ්න ගැන වෛද්‍යවරුන්ට කිව්වත් එයාලට අපිට උදව් කරන්න බැහැ."

ඔහු චෝදනා කරන්නේ, රුවන්ඩාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔහුට බැන වැදුණු බව ත් තමා තමාට හානි කර ගත් අවස්ථාවකදී ඔවුන් තමා අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර නැවත දියෙගෝ ගාර්සියා වෙත ගෙන ගොස් දමන බවට පැවසූ බව ත් ය.

ඔහුත් සමග මෙම මහල් නිවසේ ජීවත් වන 26 හැවිරිදි මයුර් පවසන්නේ, ඔහු උපදේශනය සඳහා යොමු වීම අතහැර දමා ඇති බව ය. "මට හරියට බෙහෙත් ලැබෙන්නේ නැහැ, හරියට කතා කරන්නවත් කෙනෙක් නැහැ. ඒක නිසයි මට ඉස්පිරිතාලෙට යන්න ඕනේ නැත්තේ."

එක්සත් රාජධානියේ Leigh Day නමැති නීති ආයතනයක නීතීඥවරයෙකු ලෙස සේවය කරන ටොම් ෂෝර්ට් පවසන්නේ, ස්වාධීන විශේෂඥ තක්සේරුවකින් "අපගේ සෑම සේවාදායකයෙකුට ම රුවන්ඩාව තුළදී සපුරාගත නොහැකි සංකීර්ණ වෛද්‍ය අවශ්‍යතා ඇති" බව පෙනී ගිය බව ය.

මෙම දෙමළ වැසියන් සියලු දෙනා ප්‍රතිකාර ලබන හමුදා රෝහල වෙත ප්‍රවේශ වීමට අප උත්සහ ගත් නමුත් එහිදී අපව රුවන්ඩා රජය වෙත යොමු කෙරිණි.

එක්සත් රාජධානියේ සිට සරණාගතයින් රුවන්ඩාව වෙත මාරු කර යැවීමේ ගනුදෙනුව භාරව සිටින රුවන්ඩාවේ ඉහළ ම නිලධාරිනිය වන ඩොරිස් උවිචියෙසා පිකාඩ් ඇගේ රටේ සෞඛ්‍ය පද්ධතියට පක්ෂව අදහස් පළ කළේ, සංක්‍රමණිකයින්ට "අපට හැකි උපරිමයෙන්" සලකන බව පවසමිනි.

dfw453df

සංක්‍රමණිකයින් පවසන මෙම ආරක්ෂාව සම්බන්ධ ගැටලු "වෙනත් කිසි කෙනෙක් කියලා නැහැ. රුවන්ඩා ජාතිකයින්වත්, රටේ වැසියන්වත්," ඩොරිස් උවිචියෙසා පිකාඩ් නිලධාරිනිය පවසයි


සංක්‍රමණිකයින්ගෙන් තිදෙනෙකු එනම්, කණ්ඩායමේ සිටින තරුණයන් දෙදෙනා සහ කාන්තාවක වන ලක්ෂානි දියෙගෝ ගාර්සියාහි පරිපාලනය භාරව සිටින බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපය (British Indian Ocean Territory [BIOT]) වෙතින් ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා කරන ලද ඉල්ලීම්වලට අනුමැතිය ලබා ගැනීමට සමත්විණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මෙම කණ්ඩායම නියෝජනය කරන නීතිඥයින් පවසන්නේ, මෙය ඔවුන්ට සරණාගත තත්ත්වය ලබා දෙන බව ය.

කණ්ඩායමේ සිව්වැන්නා එනම්, ලක්ෂානිගේ පියා වන කාර්තික්ට ඔහුගේ දියණිය සමග යාමට අවසර දී ඇත.

එයින් අදහස් වන්නේ මෙම කණ්ඩායමට නැවත ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බව ය. නමුත් එක්සත් රාජධානිය පවසා ඇත්තේ, ඔවුන් මෙම පිරිස භාර නොගන්නා බව ය. කොන්සර්වේටිව් රජය පසුගිය වසරේ බීබීසීයට පැවසුවේ, BIOT "එක්සත් රාජධානියට ඇතුළු වීමට භාවිත කරන පිටුපස දොරක් නොවිය යුතු" බව ය.
.
BIOT බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතුණ ද එය විස්තර කරනු ලබන්නේ, "ව්‍යවස්ථාපිතව වෙන්ව පවතින්නක්" ලෙසිනි.

රුවන්ඩාවේ සිටින මෙම කණ්ඩායම පසුගිය වසර පුරා අගමැති රිෂී සුනක් ඇතුළු බ්‍රිතාන්‍ය නිලධාරීන් වෙත තමන් වෙනත් තැනකට මාරු කර යවන ලෙස ඉල්ලා යොමු කළ නීතිමය ලියකියවිලි, වට්ස්ඇප් පණිවිඩ, ඊමේල් සහ ලිපි අපට පෙන්වූහ.

"මම දන්නේ නැහැ තවත් අවුරුදු කීයක් නිදහසක් නැතිව ඉන්න හිටින්න රටක් නැති බ්‍රිතාන්‍ය රජයේ සිරකරුවන් විදිහට අපිට ජීවත් වෙන්න වේවි ද කියලා," ඉන් එක් පණිවිඩයක සඳහන් විය.

වධ හිංසා නිසා තම නිවෙස්වලින් පිටව යාමට තමන් බියට පත් වූ බව ද මෙම සිවුදෙනා අප සමග පැවසූහ.

ලක්ෂානි සිටින මහල් නිවාසයේ, අළු පැහැති තිරයක් බාර් සවි කළ ජනේලය හරහා ඇද ඇත්තේ කාමරය බාහිර ලෝකයෙන් වෙන් කරමිනි.

"අපි එළියට යන්නේ නැහැ. අපි හැම වෙලේ ම බය වෙලා ඉන්නේ," අපි ඇය සහ 47 හැවිරිදි කාර්තික් බැලීමට ගිය අවස්ථාවේ 23 හැවිරිදි ඇය අප හා පැවසුවා ය. "මට [කතා කරන්න] මෙතන කිසි ම ගෑනු කෙනෙක් නැහැ. යාළුවෙක් නැහැ."

dcgvrsd4gඅලග සහ මයුර් පවසන්නේ, ඔවුන් මහ මගදී ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දුන් බව ය


ඔවුන් දෙදෙනා ම පවසන්නේ තම මහල් නිවාසය තුළට අවස්ථා ගණනාවකදී පුද්ගලයින් අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ ගත් බව ය. එලෙස අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ ගත් පුද්ගලයින් අසල්වැසියන් විසින් ග්‍රහණයට ගන්නා ලද බවට පෙනෙන වීඩියෝ දර්ශන ඔවුහු අපට පෙන්වූහ.

අසල වීදියක සිදුවූ එක් සිදුවීමක් ද ඔවුහු සිහිපත් කළහ. එහිදී, ඔවුන් පවසන පරිදි, මිනිසුන් පිරිසක් ඔවුන්ව වෙන් කර "ඉතා නුසුදුසු වචන" භාවිත කරමින් ලක්ෂානි ස්පර්ශ කිරීමට උත්සහ කර තිබේ.

මෙම අත්දැකීම් සහ ඒ හා සමාන වෙනත් අත්දැකීම්, මෙම දෙපළට අමිහිරි මතක නැවත සිහියට ගෙන ආ බව ඔවුහු පවසති. ලක්ෂානි පවසන්නේ තමා මීට පෙර ශ්‍රී ලංකාවේදී සහ දියෙගෝ ගාර්සියාහිදී ලිංගික අතවරවලට ලක් වූ බව ය.

අලග සහ මයුර් පවසන්නේ, ඔවුන් මහ මගදී ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දුන් බව ය. "කවුද කෙනෙක් ඇවිල්ලා ඇහුවා 'මට ඔයත් එක්ක ලිංගිකව හැසිරෙන්න පුළුවන් ද?' කියලා. මිනිස්සු හිනා වුණා. එතකොට ම අපි ඉස්පිරිතාලෙට දුවලා ගියා."

ඔවුන් දෙදෙනා ම තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව එක්සත් රාජධානි රජය සමග වැඩ කරන සහ රුවන්ඩාවේ සංක්‍රමණිකයන්ගේ ප්‍රධාන සම්බන්ධතා ස්ථානය ලෙස කටයුතු කරන ලාභ නොලබන ජාත්‍යන්තර සංවර්ධන සමාගමක් වන 'ක්‍රවුන් ඒජන්ට්ස්' (Crown Agents) වෙත දැනුම් දුන්හ.

නමුත් ඔවුන් (Crown Agents) ඔවුන්ගේ පැමිණිලි බැරෑරුම් දෙයක් ලෙස නොසැලකු බව සිව් දෙනා ම අපට පැවසූහ.

"ඔවුන් මගෙන් ඇහුවා: 'ප්‍රශ්න ඇති වෙනවා කියලා දැන දැනත් ඇයි ඔයා එළියට යන්නේ?'" යැයි අලග පවසන්නේ මෙම සමාගම සමග සිදු කළ සංවාදයක් පිළිබඳව සිහිපත් කරමිනි. "මම ඒ අයගෙන් ඇහුවා: 'ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන දැනත් ඇයි ඔයාලා අපිව මෙහේ තියාගෙන ඉන්නේ?' එයාලා ඒකට උත්තර දුන්නේ නැහැ."

එක් එක් චෝදනා සම්බන්ධයෙන් අදහස් විමසීමට බීබීසීය උත්සහ කළ කළ ද 'ක්‍රවුන් ඒජන්ට්ස්' ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පැවසුවේ, ඔවුන් ද වීදිවල සිදුවූ හිරිහැර කිරීම් සහ අනවසර ඇතුළු වීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් BIOT නිලධාරීන්ගේ අවධානයට යොමු කළ බව ය. නමුත් ඔවුහු ඊට "සැලකිය යුතු ප්‍රතිචාරයක්" නොදැක්වූහ.

ඉන්දියාවේ සිට ගමන් ඇරඹූ මෙම සංක්‍රමණිකයන් පිරිස එක්සත් රාජධානියේ නාවික හමුදාව විසින් බේරාගෙන පසුව දියෙගෝ ගාර්සියා වෙත ගෙන යන ලදී

zdfwtd

ඉන්දියාවේ සිට ගමන් ඇරඹූ මෙම සංක්‍රමණිකයන් පිරිස එක්සත් රාජධානියේ නාවික හමුදාව විසින් බේරාගෙන පසුව දියෙගෝ ගාර්සියා වෙත ගෙන යන ලදී


මෙම සිව් දෙනා අපට, පැවසුවේ ඔවුන් උදව් ලබා ගැනීම සඳහා රුවන්ඩා පොලිසිය වෙත යොමු නොවූ බව ය. ඔවුන් සියල්ලන් ම කියා සිටියේ, අපයෝජනය පිළිබඳ අතීත අත්දැකීම් මත පදනම්ව නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයින් නීතිය ක්‍රියාත්මක කිරීම ගැන තමන් විශ්වාස නොකරන බව ය.

"රටේ බලධාරීන් වෙත ළඟා වී වෙන්නේ නැතුව අපි උදව් කරන්නේ කොහොම ද?" යනුවෙන් රුවන්ඩාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය වන පිකාඩ් පැවසීය.

"[මේ සංක්‍රමණිකයෝ] කියන ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු වෙනත් කිසි කෙනෙක් කියලා නැහැ. රුවන්ඩා ජාතිකයින්වත්, රටේ වැසියන්වත්," ඇය බීබීසීයට පැවසීය. විශේෂයෙන් ම මේ රට හැම කෙනෙකුට ම ආරක්ෂාකාරීව ඉන්න පුළුවන් විදිහේ රටක් බවට පත් කරන්න අපි මෙච්චර වැඩ කරලත්, කෙනෙකුට මේ රටේ ආරක්ෂිත බවක් දැනෙන්නේ නැහැ කියලා ඇහෙන එක හරි ම වේදනාවක්."

එක්සත් රාජධානි රජයේ විදේශ සංචාරක උපදෙස් අනුව, රුවන්ඩාවේ අපරාධ මට්ටම් සාපේක්ෂව අඩු නමුත් කිගාලිහි ගෙවල් බිදීම්, සොරකම්, බෑග් උදුරා ගැනීම් සහ මංකොල්ලකෑම් වැනි සිද්ධීන් පවතී.

dfge4gකාර්තික් සහ ලක්ෂානි පවසන්නේ, රුවන්ඩාවේ ඔවුන්ගේ ජීවන තත්ත්වය දියෙගෝ ගාර්සියාහි ඔවුන් දිවූ ගෙවූ කඳවුරට වඩා යහපත් බව ය


රුවන්ඩාවේ යහපත් සමාජ වටපිටාවක් ඇති බව මෙම දෙමළ වැසියන් පිරිස පිළිගත් නමුත් ඔවුන් පවසන්නේ, ඍණාත්මක අත්දැකීම් අතීත කම්පනයන් තවත් උග්‍ර කර ඇති බව ත් ඉන් ඔවුන් බියට පත්ව සිටින බව ත් ය.

ලක්ෂානි සහ කාර්තික් පැවසුවේ, රුවන්ඩාවේ ඔවුන්ගේ ජීවන තත්ත්වය දියෙගෝ ගාර්සියාහි සිටි කාලයට වඩා යහපත් බව ය. දියෙගෝ ගාර්සියාහිදී ඔවුන්ට මීයන් සහිත කඳවුරක කූඩාරම්වල නිදා ගැනීමටත් සීමිත දුරකතන පහසුකම් පැවති අතර ඔවුන්ට සිය ආහාර පිස ගැනීමට පවා නොහැකි විය.

සියදිවි නසා ගැනීමට තැත්කිරීමෙන් පසු දියෙගෝ ගාර්සියා සිට ගුවන් මගින් ගෙන එන ලද රුවන්ඩාවේ රැඳී සිටින පස්වන දෙමළ වැසියෙක් ද සිටී. ඔහු තවමත් ජාත්‍යන්තර ආරක්ෂාව අපේක්ෂාවෙන් සිටියි. දැනට හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුට ඉන් පිටව යාමට අවසර නොමැති බැවින් බීබීසීය ඔහු සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ විය.

ඔහුට බාහිර රෝගියෙකු ලෙස ප්‍රතිකාර කළ යුතු බව සඳහන් කරමින්, ඔහු රෝහලෙන් නිල වශයෙන් නිදහස් කර ඇති ලිපියක් බීබීසීයට නිරීක්ෂණය කිරීමට හැකි විය.

දියෙගෝ ගාර්සියා වෙත ආපසු යාම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුගේ කැමැත්තට එරෙහිව ඔහු රඳවාගෙන සිටින බව ඔහු පවසයි. ඔහුට විසඳුමක් ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරයා BIOT වෙතින් ඉල්ලීමක් ද කර ඇත.

අපට හමු වූ සංක්‍රමණිකයන් සිව් දෙනා වෙත පවසා ඇත්තේ, ඔවුන් රුවන්ඩාවේ රැඳී සිටීමට අකමැති නම්, "ආරක්ෂිත තුන්වන රටක" නැවත පදිංචි කරන තෙක් ඔවුන්ට නැවත දියෙගෝ ගාර්සියා කඳවුරට යා හැකි බව ය.

මෙම කණ්ඩායම ස්ථිරව ම නැවත පදිංචි කිරීම සඳහා රුවන්ඩාව "ආරක්ෂිත තුන්වන රටක්" ලෙස සලකනු ලබන්නේ ද යන්න පිළිබඳව බීබීසීය යොමු කළ ප්‍රශ්නවලට විදේශ කාර්යාලය ප්‍රතිචාර දැක්වූයේ නැත.

එක්සත් රාජධානියේ සිට පැමිණෙන ඇතැම් සරණාගතයින්ගේ ලියකියවිලි කටයුතු කිරීමට සහ ඔවුන්ට නවාතැන් දීමට රුවන්ඩාව භාවිත කිරීමේ බ්‍රිතාන්‍ය රජයේ සැලැස්ම පිළිබඳව අපි සංක්‍රමණිකයන්ගෙන් විමසූ විට, ඔවුන් සියල්ලන් ම පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ කණස්සල්ලක් බව ය. "ඒ සරණාගතයින්ටත් අපි මුහුණ දෙන දුෂ්කරතාව විඳගන්න වේවි," එක් අයෙක් පැවසීය.

ldlfkdf


Leigh Day නීතිඥ වන ටොම් ෂෝර්ට් පැවසුවේ, රුවන්ඩාවේ සිටින ඔහුගේ සේවාදායකයින් දෙදෙනා එක්සත් රාජධානියේ රජය විසින් නිශ්චිතව ම අත්හැර දමනු ලැබ ඇති බව ය. ලන්ඩනයේ ගොනු කර ඇති අධිකරණ ලේඛන, රුවන්ඩාවේ සහ දියෙගෝ ගාර්සියාහි සංක්‍රමණිකයන්ට සැලකීම "ජාත්‍යන්තර නීතියට පටහැනි කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලක්" බවට තර්ක කරයි.

රුවන්ඩා නිලධාරිනී පිකාඩ් පැවසුවේ, මෙම දෙමළ වැසියන් කණ්ඩායම සහ එක්සත් රාජධානියේ සිට සංක්‍රමණය වන පිරිස අතර "කිසිදු සමානකමක් නොමැති" බව ය. ඇය පැවසුවේ, ඔවුන්ගේ [එක්සත් රාජධානියේ සිට සංක්‍රමණය වන පිරිස] "ලියකියවිලි ආදී කටයුතු සම්බන්ධ දෑ සිදු කර ඔවුන් අපේ සමාජයට එක් කරාවි," යනුවෙනි.

දියෙගෝ ගාර්සියා කණ්ඩායම ස්ථීර ලෙස පදිංචි කිරීම පිළිබඳ සංවාද පැවැත්වීම සඳහා තම රට "සැමවිට ම විවෘතව" සිටින බව ත්, එය සිදුවුවහොත්, ඔවුන්ට "සියලු ආරක්‍ෂාව සහ සහතිකයන් සහ සමාජයට අනුකලනය කිරීමේ අවශ්‍යතා සපයා දෙනු ඇති බව ත් පිකාඩ් මහත්මිය පැවසුවා ය.

නමුත් "මේ වන විට ඔවුන්ව සලකන්නේ වෛද්‍ය අවශ්‍යතා සඳහා මෙහාට එවන ලද පිරිසක් විදිහට," ඇය පැවසුවා ය.

දියෙගෝ ගාර්සියා වෙතින් සංක්‍රමණිකයන් රැගෙන යාමට සහ ඔවුන්ට නවාතැන් ලබා දීමට රුවන්ඩාවට මුදල් ලබා නොදුන් බව ත්, එක්සත් රාජධානි - රුවන්ඩා සරණාගත ගනුදෙනුව සමග ඇති "එක ම සම්බන්ධය" වූයේ රටවල් දෙක "ඉතා ශක්තිමත් හවුල්කරුවන්" වීම බව ත් පිකාඩ් මහත්මිය පැවසුවා ය.

දියෙගෝ ගාර්සියා සම්බන්ධ සැලසුම් පිළිබඳව විස්තර සපයන ලෙස බීබීසීය කළ ඉල්ලීම විදේශ කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇත.

dfre4wසරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය රුවන්ඩාවේ සිටින කණ්ඩායම සඳහා "දිගු කාලීන විසඳුම්" ලබා දෙන ලෙස එක්සත් රාජධානියෙන් ඉල්ලා තිබේ


එක්සත් රාජධානියේ පාලක කොන්සර්වේටිව් පක්ෂය හෝ රටේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරන කම්කරු පක්ෂය, රුවන්ඩාවේ සිටින දියෙගෝ ගාර්සියා සංක්‍රමණිකයින්ගේ ඉරණම ගැන හෝ ඔවුන් බලය දිනා ගතහොත් මෙම කණ්ඩායම සම්බන්ධයෙන් කුමන පියවර ගනු ඇතැයි ද යන්න පිළිබඳව අදහස් නොදක්වයි.

ශුද්ධ සංක්‍රමණය අඩු කිරීමට පක්ෂ දෙක ම ප්‍රතිඥා දී ඇති නමුත් කම්කරු පක්ෂය පවසා ඇත්තේ, එක්සත් රාජධානියේ සිට රුවන්ඩාවට සංක්‍රමණිකයන් ගුවන් මගින් ගෙන යන කොන්සර්වේටිව් පක්ෂයේ සැලැස්ම ඉවත් කරන බව ය.

තම "ජාත්‍යන්තර බැඳීම්වලට" අනුකූලව, රුවන්ඩාවේ සිටින කණ්ඩායමට සහ තවමත් දියෙගෝ ගාර්සියාහි සිටින පිරිස් වෙත "දිගු කාලීන විසඳුම්" ලබා දෙන ලෙස සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය එක්සත් රාජධානියෙන් ඉල්ලීමක් ද කර තිබේ.

එවැනි පසුබිමක, මෙම සංක්‍රමණිකයන් පිරිස වෙනත් තැනක අනාගතයක් ගැන සිහින දකිමින් සිටිති.

තොරතුරු සහ සටහන :
ඇලිස් කඩී සහ ස්වාමිනාදන් නටරාජන් රුවන්ඩාවේ සිට වාර්තා කරයි
බීබීසී පුවත්

(BBC සිංහල සේවය)



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්