ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි නවදිල්ලි අගනුවර ඉතා ගාම්භීර අයුරින් පැවැත් වුණු උත්සවයකදී ජනාධිපතිනී ඉදිරියේ දිවුරුම් දුන්න.

ඔහු එසේ අගමැති පදවියේ දිවුරුම් දුන්නේ පිට, පිට තුන්වෙනි වතාවට. මීට කලින් ඉන්දියාවේ පිට පිටම තුන් වතාවක් අගමැති පදවියට පත්වුණේ නිදහස් ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු පමණයි.

ලංකාවෙත් සිරිමාවෝ බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක සහ රනිල් වික්‍රමසිංහ කිහිප වතාවක්ම අගමැති පදවියට පත්වුණත් ඒ කිසිම කෙනෙක් පිට, පිටම තුන් වතාවක් ජයග්‍රහණය කරලා අගමැති පදවියට පත්වෙලා නැහැ.

දෙවතාවකට වඩා ජනාධිපති පදවියට පත්වෙන්න බැරි නිසා ආර් ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ හැරුණම අනෙක් ජනාධිපතිවරු පදවිය දරල තියෙන්නේ දෙවතාවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන් ඇතුළු 8,000 ක ආරාධිත අමුත්තන් පිරිසකුත් උත්සවයට සහභාගි වුණා. කොහොම වුණත් පාකිස්තානයේ සහ චීනයේ කිසිම නායකයෙක් එතන හිටියේ නැහැ.

එක අතකින් මේක ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් ඉන්දියාව එක්ක සමීප සම්බන්ධතා ඇතිකරගන්න කදිම අවස්ථාවක්. මොකද ඔබට සමහරවිට මතක ඇති රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති පදවියට තෝරා ගත්තට පස්සේ රනිල් වික්‍රමසිංහට නරේන්ද්‍ර මෝදී මුණගැහෙන්න මාස ගණනක් බලා ඉන්න සිද්ද වුණා.

ඒත් දැන් ඉන්දියාව එදාට වඩා රනිල් එක්ක යාළුද? එහෙම නැත්නම් යාළු කරගන්න රනිල්ට පුළුවන් වේවිද?

මේ වීඩියෝවේ මම කියන්නේ මට හිතෙන හැටි. වීඩියෝව බලල ඔබේ අදහසත් කියන්න.

•⁠  ⁠Sandeshaya by Saroj නාලිකාව වෙනුවෙන් සරෝජ් පතිරණ


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්