ළමයකු ඇතුළු ධීවරයන් තිස් දෙදෙනකු වධබන්ධන පමුණුවා කුරිරු ලෙස මරා දැමූ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වී තිබෙන

තවත් සමුහ ඝාතනයක තිස් අට වැනි අනුස්මරණය උතුරේදී පවත්වා තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ඝාතනය වුවන් සිහි කිරීම වෙනුවෙන් යාපනයේ, ගුරුනගර් ග්‍රාමයේ ස්ථාපිත කර තිබෙන ස්මාරකයට ජුනි 10 වැනිදා මලින් පහනින් උපහාර දක්වා එම අනුස්මරණය සිදු කළ බවයි.

අනුස්මරණය සදහා ඝාතනයට ලක්වු ධීවරයන්ගේ ඥාතීන්, ආගමික නායකයන් මෙන්ම ප්‍රදේශයේ වත්මන්  ධිවරයන්ද එක්ව තිබේ.

1986 වසරේ ජුනි 10 වැනි දා ගුරුනගර් ග්‍රාමයේ දෙමළ ධීවර කණ්ඩායමක් මන්ඩතිව් වරායෙන් ‘තූය ඔලි’ (தூய ஒளி) යාත්‍රාවට ගොඩවී මුහුදු ගොස් ඇත්තේ සිය ජීවිකාව වන මසුන් මැරීම වෙනුවෙනි.

 

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ධිවරයන් මසුන් මැරීමට සුදානම් වන මොහොතේ මුහුණු ආවරණය කරගනිමින්, පිහි, පොරව සහ මුගුරු සහිතව බෝට්ටුවකින් එම ස්ථානයට පැමිණි පිරිසක් ධිවර යාත්‍රාව තුළම ධිවරයන් කපා, කොටා සමුහ ඝාතනය කළ බවයි. ධීවර සමූහය අත් ඔසොවා තමන් නිරායුද බව පෙන්නුම් කළත් ඒ නොතැකූ අපරාධකරුවන් විසින් වධබන්ධන පමුණුවා ඝාතනය සිදු කරන ලද බව දෙමළ ලේඛනවල දැක්වේ.

 

“ඇතැම් ධීවරයන්ගේ ඇස් උගුල්ලා දැමිණ. තවත් ධීවරයන්ගේ බඩ පලන ලදී,” යි මානව හිමිකම් සඳහා වන උතුරු නැගෙනහිර ලේකම් කාර්යාලය (NESOHR) වාර්තා කර තිබේ.

මෙලෙස සමුහ ඝාතනයට ලක් වී ඇත්තේ ඥානප්‍රකාසම් එඩ්වඩ් ක්ලින්සන් ජයකාන්තන්, ක්‍රිස්ටෝපර් එස්තාකි, මනුවල් පයස්, තාමියන් එරුමින් රූබට් උදයකුමාර්, පංකිරාස් ඇන්ටනී ජුලියස්, පංජිරාස් තාසිසියස්, පංකිරාස් ඇන්ටන් විමලදාස් තවම්, ඇන්ටන් ෂෙල්ටන් වීන්, මනුවෙල් මරියනායගම්, ජෝන් ජෝර්ජ්, ජෝසප්ප්‍රනාන්දු ඇන්තනිපිල්ලෙයිප්‍රනාන්දු, අරුලානන්දම් බොනිපස්, අරුලානන්දම් බෙනඩික්, බෙනඩික්ට් ඇලිස්ටන්, බෙනඩික්ට් ලිකෝරි, බෙනඩික්ට් මාර්සිලා මහේන්ද්‍රන්, පැට්‍රික් ඇලෝසියස්, ඇලෝසියස් ලිකෝරි, ඇලෝසියස් ඩියුක්, සෙබදේසු සේවියර්, එමලියානුස් මැක්සිමුස් ඊස්වරන්, සුබ්‍රමනියම් ගෝපාලක්‍රිෂ්ණන්, මුත්තයියා ස්වාමිනාදන් සෙබමාලෙයි ජෝසප්, මැනුවෙල් පැට්‍රික්, සෝමසුන්දරම් සෝදිනාදන්, විශ්වනාදන් විමලනාදන්, බෙනඩික්ට් හියුබට් රේසාන් රමේෂ්, ආශිර්වාදම් අන්තෝනිපිල්ලෙයි, කන්දයියා මුත්තුසාමි, සවරියන් ජේසුදාසන් නික්සන් සහ මුදියප්පු ඇන්ටනිදාස් රාජ්කුමාර් යන ගුරුනගර් ධිවරයන් තිස් එක් දෙනා සහ නම වාර්තා වී නැති මන්ඩතිව් ග්‍රාමයේ තරුණයෙකි.

මෙම ධීවර සමුහ ඝාතනය සම්බන්ධයෙන් ගම්වැසියන් ඝෘජුවම චෝදනා එල්ල කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවටයි.

 

මන්ඩතීවූ සමූහ ඝාතනයට වසරකට ඉහතදී ''කුමුදිනී'' යාත්‍රාවේ ගමන් ගත් කුඩා දරුවන් ඇතුළු තිස් හය දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද  ශ්‍රී ලංකා නාවික හමුදාව චෝදනාවට ලක්ව සිටි.

 

මෙම ඝාතන දෙකම සිදුවන සමයේ නාවික හමුදාපතිව සිට1986 ඔක්තෝබරයේ විශ්‍රාම ගිය වයිස් අද්මිරාල් අප්පු හැන්නදිගේ අසෝක ද සිල්වා ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් කියුබාවේ පළමු ශ්‍රී ලංකා තානාපති ලෙසින් 1987 මාර්තු මාසයේදී පත්කර යවන ලදී.


වයස අවුරුදු 75ක් වූ 2006 දී ඔහු ස්වාභාවික මරණයකට පත්ව තිබේ.


navy 1

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්