පොහොට්ටු පක්ෂයේ බැසිල් රාජපක්ෂ සමඟ එක්වී සන්ධානගත වීමට යන බවට පැතිර යන රාවයන් සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පිළිතුරු ලබා දී තිබේ.


රටට අවශ්‍ය කරන සන්ධානය හැදීම සඳහා රාජපක්ෂවරුන් සහ රට බංකොලොත් කිරීමට දායක වුනු පුද්ගලයන් සමග සාකච්ඡා නොකරන බව මන්ත්‍රීවරයා මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයට පිළිතුරු ලෙස පැවසීය.

“මේ රට බංකොලොත් කරන්න මුල්වුනු කිසිම කෙනෙක් එක්ක අපි සංධාන ගත වෙන්නේ නැහැ. පෙබරවාරී 14 වෙනිදා රට හදන වැඩ පිළිවෙලක් එක්සත් ජනරජ පෙරමුණෙන් අපි ඉදිරිපත් කළා. අපි අපේ වැඩ පිළිවෙල ගැන හැම දේශපාලන පක්ෂයකටම ආරාධන කළා. ඒත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට නම් අපි වැඩ පිළිවෙලට ආරාධනා කළේ නැහැ, අපි ජනතා විමුක්ති පෙරමුණටත් අපේ වැඩ පිළිවෙල සඳහා ආරාධනා කළා. ඒත් ඔවුන් අපිත් එක්ක සාකාඡා කරන එක ප්‍රතික්ෂේප කළා.”

“අපි මේ රටට අවශ්‍ය කරන සන්ධානය හැදීම සඳහා රාජපක්ෂ වරුන් සහ රට බංකොලොත් කිරීමට දායක වුනු පුද්ගලයන් එක්ක සාකච්ඡා කරන්නේ නැහැ.” යැයි චම්පික රණවක පවසයි.

ඉදිරියේ දී නිර්මාණය වක දේශපාලන සන්ධානය නායකත්ව මණ්ඩලය මගින් පාලනය වීමට නියමිත බව මෙන්ම ඒ අනුව එහි බහුතර කැමැත්තෙන් තීරණය කරන අපේක්ෂකයා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියේය.

“එම අපේක්ෂක තනතුරට මාව යෝජනා කලොත් මම ඒ සඳහා ඉදිරිපත් වෙනවා.” යි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්