ජනාධිපතිවරයා විසින් වත්මන් නීතිපතිවරයාගේ නිල කාලය තවත් මාස 6කින් දිර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර එය කිසිසේත්ම

ව්‍යවස්ථා දායක සභාවට අයත් නොවන දෙයක් බව විපක්ෂ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබේ.

ව්‍යවස්ථාව සම්බන්ධව විශාරදවරයෙකු වන ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා පවසන්නේ ව්‍යවස්තාව සබාවට බලය ඇත්තේ පත් වීම් අනුමති කිරිමට පමණක් බවයි.

“මේක කිසිසේත්ම ව්‍යවස්ථා සභාවේ විෂය පථයට කාර්ය භාර්යට අයත් වෙන දෙයක් නෙමෙයි. ඒ ගැන කිසිම බලයක් වගකීමක් ව්‍යවස්ථා දායක සභාවට නැහැ.” යි මන්ත්‍රීවරයා අද (17) මාධ්‍ය වෙත කියා සිටියේය.

වසරක 76ක කාලය තුළ නීතිපතිවරයෙකුගේ නිල කාලය දිර්ඝ කිරිම සම්බන්ධව කිසිම පුර්වාදර්ශයක් නැතැයි පැවසු මන්ත්‍රීවරයා එය නොකළ යුතු දෙයක් බව සඳහන් කළේය.

මුල් අවස්ථාවේ දී කතෝලික පල්ලියේ ඉල්ලීමක් යැයි කියමින් නීතිපතිවරයාගේ නිල කාලය දිර්ඝ කිරිමට ගත් අසාර්ථක උත්සාහයෙන් පසුව එහි වගකීම ව්‍යවස්ථා දායක සභාව මත පවරමින් රජය කටයුතු කරමින් සිටින බවට ජී. එල් පීරිස් මන්ත්‍රීවරයා චෝදාන කළේය.

වත්මන් නීතිපතිවරයාගේ නිල කාලය දිර්ළ කළහොත් ඒ හරහා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් නීතිපති ධූරයට පත් වීමට ඇති අවස්ථාව වැළකී යනු ඇති බවට මන්ත්‍රීවරයා සිය කනස්සල්ල පළ කළේය.

“සංජය රාජරත්නම්ට තව මාස 6ක් දුන්නොත් වර්තමාන සොලිසිටර් ජනරාල්, ඒ කාන්තාවට මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිපති ධූරය හෙබවීමට කාන්තාවකට තියෙන අයිතිය ඇහිරිලා යනවා.” යි ජී. එල් පීරිස් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

(චතුරංග මේදිස්)

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්